Jul 09

කුකුළන්ගේ බඩ අස්සෙන් හෙරොයින් ජාවාරමක්


මස් පිණිස කුකුළන් විකිණීම මුවාවෙන් මරන ලද කුකුළන්ගේ ශරීරය තුළ හෙරොයින් පැකට් සඟවා මතුපිටින් මස් කැබලි තබා ගම් වර්ගයකින් අලවා බෙදා හැරි මහා පරිමාණ ජාවාරම්කරුවකු දෙල්ගොඩ, දරණාගම ප‍්‍රදේශයේදී ඊයේ (08 දා) මීගහවත්ත පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙල්ගොඩ, දරණාගම ප‍්‍රදේශයේ නිවසක් කුළියට ගෙන මීට වසර දෙකකට පෙර කුකුළු මස් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති කොළඹ මෝදර ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇති විසිඅට හැවිරිදි විවාහක මෙම සැකකරු පසුව එම නිවස මිලදී ගෙන ඇත. සැකකරු විසින් මීගහවත්ත, මාදරාව ප‍්‍රදේශයේ වෙල් යායක් ඉස්මත්තේ හුදෙකලා ප‍්‍රදේශයක කුකුළු මස් ගොවිපළක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහිදී මෙම මත්කුඩු පැකට් සැකකරු විසින් විකිණීම සඳහා සූදානම් කරන කුකුළු මස් තුළට බහා ඇති බවත් අනාවරණය වී ඇත. කුකුළු මස් ව්‍යාපාරයක යෙදෙන අයුරින් එම මත් කුඩු කිරිබත්ගොඩ, වත්තල, සපුගස්කන්ද, මාවරමංඩිය ප‍්‍රදේශවලට බෙදා හරින ජාවාරම්කාර නියෝජිතයින්ට ලබා දී ඇති බවත් පොලිසිය පවසයි.

එසේම සැකකරු විසින් තමා කුකුළු මස් ව්‍යාපාරයේ යෙදෙන බව හැඟවීමට නව නුවර පාරේ වඩුවෙගම ප‍්‍රදේශයේ කුකුළු මස් අලෙවි සලක් ද පවත්වා ගෙන ගොස් ඇති අතර එහිදී අනෙක් අලෙවි සල්වලට වඩා අඩු මිලට කුකුළු මස් විකිණීම ද සිදු කර ඇති බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා තම නිවෙසේත් කුකුළු ගොවිපොළේත් සපා කන බල්ලන් ඇති කරමින් සූක්ෂම ලෙස අසල්වාසීන් එම ස්ථානවලින් ඈත් කර ඇත. එක් දිනකට හෙරොයින් පැකට් 100කට වැඩි ප‍්‍රමාණයක් බෙදා හැර ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී මස් කැබැල්ල තුළ තිබූ ග‍්‍රෑම් 02යි මිලි ග‍්‍රෑම් 275ක් අඩංගු හෙරොයින් පැකට් 40ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. එහි වටිනාකම රුපියල් පනස්දහසක් පමණ වෙයි. අදාළ සැකකරු මහර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය මගින් දීර්ඝ වශයෙන් කළ විමර්ශනයකට අනුව මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුසංඛ, පොලිස් සැරයන්වරුන් වන (6015) අබේසිංහ, (39999) පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (37088) රූපසිංහ යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.

බියගම - සුදත් පුබුදු කීර්ති සහ දෙල්ගොඩ - ඩබ්ලිව්.එම්. විතානගේ
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.