Jul
18
සුරූපි අයිශ්චර්යා රායි හදිසියේම රෝහල්ගත කරයි. බොලිවුඩ් පුරය කොරෝනා නිසා කැළඹේ !
කොවිඩ් 19 ආසාදනය වීම නිසා මුම්බායි නුවර ජල්සා මැදුරේ ස්වයං නිරෝධායනයට ලක්වී සිටි සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි - නැණවතී රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
46 හැවිරිදි අයිශ්වර්යා මාමණ්ඩිය වන 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ සැමියා වන අභිෂේක් බච්චන් ද කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන්නේ එම රෝහලේයි.
වෛසරය ආසාදනය වීමෙන් පසු අයිශ්වර්යා සහ ආසාදිත ඔවුන්ගේ 08 හැවිරිදි දියණිය ආරධ්‍යා මුම්බායි නුවර පිහිටි බච්චන් මැදුරු 5න් එකක් වන ජල්සා මන්දිරයේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටියා.
කෙසේ නමුත්, අයිශ්වර්යාගේ නැන්දණිය, ඡයා බච්චන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නැහැ.