Jul
16
අගුලාන පොලිසියට විශාල පිරිසක් පහර දෙති.. පොලිසියෙන් කදුළු ගෑස්.. උණුසුම් තත්වයක්..
අඟුලාන පොලිසිය ඉදිරියේ ඇති වූ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පසුගියදා ලුනාව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය මරණකරුගේ ඥාතීන් ඇතුළු 100ක පමණ පිරිසක් මෙසේ කලහකාරීව හැසිරී ඇත.
ඔවුනගේ ගල් මුල් ප්‍රහාරය හේතුවෙන් පොලිස් ස්ථානයට දැඩි ලෙස හානි සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මේ වන විට පොලිස් ස්ථානය අවට ආරක්ෂාව සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.