Jul
24
රෝහලෙන් පැන්න කොරෝනා ආසාදිතයා ගැවසුණු තැන් හඳුනා ගනී
අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලූයම පලා ගිය කොරෝනා ආසාදිතයා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසළදී අත්අඩංගුවට ගැනුණා.
ඒ, යුධ හමුදා බුද්ධි අංශ සහ පොලිසිය එක්වයි.
AAM 5970 දරණ ත‍්‍රීරෝද රථයෙන් එම ස්ථානයට පැමිණ ඇති සැකකරු, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ගේට්ටු අංක 06 ආසන්නයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ. සැකකරු ගමන් ගත් ත‍්‍රීරෝද රථයේ රියදුරා නිරෝධායනයට යොමු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග ජාතික රෝහලට පැමිණි පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා.
පසුව ඔහුට ආරක්ෂිත ඇදුම් කට්ටලයක් අන්දවා ගිලන් රථයක් මගින් IDH රෝහල වෙත පිටත් කර යැවීමට ද ආරක්ෂක අංශ කටයුතු කළා.
IDH රෝහලෙන් පලාගොස් මෙලෙස යළි අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.
එල්. සියාම් නසීම් නැමැති එම සැකකරු පසුගිය කාල සීමාවේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙක්. 41 හැවිරිදි එම පුද්ගලයා ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.