Jul 23

ගනුදෙනුකරුවන්ගේ සල්ලිවලින් එදිරිසිංහලා සැප ගත්ත ETI රහස් ගිණුමක්


ඊ.ටී.අයි. ආයතනය නමින් පවත්වාගෙන යමින් මහ බැංකුවට හෙළි නොකළ ගිණුම් කිහිපයකින් පසුගිය වසර කිහිපය තුළ එම ආයතනයේ සම හිමිකරු වන නාලක එදිරිසිංහ සිය පෞද්ගලික පරිහරණය සඳහා මිලියන 48ක් පමණ මුදල් ලබාගෙන ඇති බව ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ බව සඳහන් අයථා ක්‍රියාකලාපයන් සහ අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (21දා) අනාවරණය විය.

‘ස්වර්ණමහල් ෆයිනෑන්ස්’ ආයතනයේ 2009 - 2017 කාල සීමාවේ මූල්‍ය කළමනාකරුවකු ලෙස සේවය කළ අයකු ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීමේදී ඒ බව අනාවරණය විය.

ඔහු මෙහිදී සඳහන් කළේ තමා සේවය කරන කාල සීමාව තුළ අවස්ථා කිහිපයකදී එවක ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනයේ මෙහෙයුම් කළමනාකරුවකු ලෙස සේවය කළ ටෝනි ජයසුන්දර නමැත්තා මෙම රුපියල් මිලියන 48ක මුදල ඉල්ලුම් කළ බවයි.

එලෙස ලබාගන්නා මුදල් ඍජුවම ජීවක එදිරිසිංහට යැවෙන බවත්, එම මුදල් හුවමාරුවේ සම්බන්ධීකරණ කටයුතු ටෝනි ජයසුන්දර විසින් සිදු කරන ලද බවත් ඔහු කොමිසම හමුවේ කීය.

ඊ.ටී.අයි. ආයතනය නමින් චෙක්පත් මඟින් ලබාගන්නා එම මුදල් ටෝනි ජයසුන්දර විසින් ජීවක එදිරිසිංහට ලබාදෙන බවත්, රුපියල් මිලියන 14ක් රුපියල් මිලියන 08ක අගයන් සහිත චෙක්පත් මෙලෙස ඔවුන් අතර හුවමාරු වූ බවත් ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් පැවැසීය.

අනතුරුව කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීමට ඊ.ටී.අයි. ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස සේවය කරන තැනැත්තියක කැඳවා තිබිණි. ඇය කොමිසම හමුවේ පැවැසුවේ එවක ඊ.ටී.අයි. ආයතන පරිපාලනය විසින් තැන්පතු මුදල් ඉහළ අගයක් ගන්නා ගිණුම් හිමියන්ගේ තොරතුරු මහ බැංකුවට අනාවරණය නොකරන ගිණුම හෙවත් ‘P ගිණුමට’ බැර කරන ලෙස තමන්ට උපදෙස් දී තිබූ බවයි. කෙසේ වෙතත් ඊ.ඒ.පී. ආයතනයට අනුයුක්තව සේවය කළ ගණකාධිකාරිවරයකු පසුව කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසුවේ ‘P ගිණුම’ ලෙස හැඳින්වූ ගිණුමක් තිබුණද එම හෙළිදරව් නොකළ ගිණුම් සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් කිසිදු අධීක්‍ෂණයක් නොකළ බවත් එම ‘P’ ගිණුමෙන් 2004 වසරේදී රුපියල් මිලියන 33ක මුදලක් ආයතන අධ්‍යක්‍ෂවරුන්ගේ වාහන ගෙන්වීමට ලබාගෙන ඇති බවත්ය.

එමෙන්ම ඊ.ටී.අයි. ආයතනය සතුව විවිධ නම්වලින් විවිධ වාණිජ බැංකු රැසක මුදල් තැන්පත් කර ඇති බවත්, එම මුදල් ඊ.ටී.අයි. ආයතනයට අනුබද්ධ ආයතන 20කට පමණ ලබාදුන් බවත් එම සාක්‍ෂිකරු කොමිසම හමුවේ පැවැසීය.

එලෙස එක් අවස්ථාවක ‘ස්වර්ණ මහල් ජුවලර්ස්’ ආයතනයට ණය පියවීමක් සඳහා රුපියල් මිලියන 817ක මුදලක් ඊ.ටී.අයි. ආයතනයෙන් ලබාදුන් බවත්, තවත් අවස්ථාවක අසංක එදිරිසිංහටද නිවෙසක් මිලදී ගැනීමට රුපියල් මිලියන 24ක මුදලක් මහ බැංකුවට හෙළි නොකළ ‘P’ ගිණුමෙන් ලබාදී ඇති බවත් ඔහු කොමිසමට කීය.

එමෙන්ම තමන් සේවය කළ කාලයේ ‘ඊ.ඒ.පී. ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනය නම් ආයතනයක් ඔස්සේ ඉන්දුනීසියාවේ ගල් අඟුරු ව්‍යාපෘතියක් සඳහා ඇමෙරිකානු ඩොලර් දෙලක්‍ෂ පනස් දහසක මුදලක් සහ ඉන්දියාවේ සිදු කරන තවත් ව්‍යාපෘතියකට ඇමෙරිකානු ඩොලර් එක් ලක්‍ෂ අසූ දහසක මුදලක්ද ලබාදුන් බව සාක්‍ෂිකරු කීය.

නාලක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන දෙදෙනාගේ උපදෙස් මත මෙම සියලු කටයුතු සිදුකළ බවත්,  ඉහත කී ව්‍යාපෘති සඳහා යෙදවූ මුදල් සහ ණය මුදල්වලින් කිසිදු ප්‍රතිලාභයක් අත්නොවූ බවත් සාක්‍ෂිකරු වැඩිදුරටත් කොමිසම හමුවේ පැවැසීය.

- මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.