Jul
23
බස් රථයකට යටවී අවාසනාවන්ත ලෙස මියගිය දඹුල්ලේ තරුණයා
දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ උසාවි හන්දියේ පදික මාරුව අසලදී බස් රථයක ගමන් ගත් තරුණයෙකු ඉදිරිපස දොරෙන් බැසීමට උත්සාහ කිරීමේදී එම බස් රථයටම යටවී මියගොස් තිබේ.
කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක්, බස් නැවතුමේ නැවැත්වීමට වේගය අඩු කරමින් තිබියදී අදාළ තරුණයා ඉන් බැසීමට උත්සාහ කිරීමේදී මෙලෙස අනතුරට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.
මියගිය තරුණයා අවුරුදු 17ක දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු හා රිය සහායක අත්අඩංගුවට ගෙන ඇති අතර දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.