Jul 23

මම ඉස්සර නාන කාමරේ දී විතරයි සිංදු කිව්වේ


ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ 2011 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුල හිමි කර ගැනීමට සමත් වූ සුන්දර යුවතියයි. ඉන් පසුව ස්ටෙෆනි එම වසරේම බ්‍රසීලයේ පැවැති විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට ද සමත් වූණා. ඒ විතරක් නෙවෙයි 2013 වසරේ ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ හිමිකරගත්තේද ඇය. ස්ටෙෆනි උපාධිධාරිනියක් මෙන්ම ක්‍රියාශීලී සමාජ සේවයේ නියුතු කාන්තාවක වන අතර ඇය කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුනට අවශ්‍ය අධ්‍යාපනය ලබාදෙන ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරිය ද වනවා.

කොහොමද ස්ටෙෆනි මොකද වෙන්නේ මේ දවස්වල?

හොඳින් සතුටින් පවුලේ අය එක්ක ඉන්නවා. මේ දවස්වල වැඩ කටයුතු කිහිපයක් කරගෙන යනවා. ඒ එක්කම අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න කොරෝනා කාල සීමාවේදී සැලසුම් කළා. එහි වැඩත් කරගෙන යනවා.

මොකක් ද ඒ ව්‍යපාරය?

හ්ම්… ඒ ගැන නම් දැන්ම කියන්න බෑ. තව මාස දෙකකින් හරියටම කියන්නම්.

දැන් නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලාද?

මම කවදාවත් නිරූපණ කටයුතු කරලා නැහැ. ඒත් මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත් නිසා බොහෝ දෙනෙක් හිතනවා මම නිරූපණ ක්ෂේත්‍රය තුළ හිටියා සහ ඉන්නවා කියලා.

ලස්සන වෙන්න මොනවද කරන්නේ?

මම ගොඩක්ම පාවිච්චි කරන්නේ දේශීය දේවල් ඒ අතර පොල්තෙල් විශේෂ වෙනවා. මොකද පිරිසුදු සුදු පොල්තෙල් කියන්නේ ශරීරයට ඉතා හොඳ දෙයක්. ඊට අමතරව ගෙදරම පැක් එකක් හදාගෙන දානවා. මම විශ්වාස කරනවා හදවතින් ඇතුළාන්තයෙන්ම අපි ලස්සන නම් ඒ ලස්සනත් මුහුණෙන් පේනවා කියලා.

මොකද අපි කෙනෙක් පළමු පාරට දැක්කම විතරයි බාහිර ලස්සන දකින්නේ. ඊට පස්සේ ඒ කෙනා දකින දකින වාරයක් පාසා අපි දකින්නේ එයාගේ ඇතුළාන්තය. ඒ නිසා බාහිර ලස්සනට වඩා හොඳ ඇතුළාන්තයෙන් ලස්සන වෙන එක.

දුෂ්‍යන්ත්ගෙන් කොහොමද ලැබෙන සහයෝගය?

හොඳ සහකරුවෙක්. මගේ ජීවිතේ හොඳම යාළුවා. මගේ ළඟින්ම ඉන්න හොඳම සගයා. මාව තේරුම් ගැනීම මගේ ගමනට ලොකු සහයෝගයක් දෙන්නේ දුෂ්‍යන්ත්. මොකද මගේ වැඩවලට දුෂ්‍යන්ත්ගෙන් ලැබෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් ලොකු සහයෝගයක්. ඒ අතින් මම වාසනාවන්තයි දුෂ්‍යන්ත් වගේ කෙනෙක්ගේ බිරිඳක් වීම ගැන. කෑම වුණත් අපි දෙන්නම එකතු වෙලා හදනවා. මොකද දුෂ්‍යන්ත්ට පුළුවන් රසට කෑම හදන්න.

මේ කාලය තුළ ළඟා කරගන්න තියෙන ඉලක්ක මොනවද?

මුලින්ම මගේ ව්‍යාපාර කටයුත්ත තියෙනවා. ඒ එක්කම මම අලුතින් සිංදුවක් කරන්න ඉන්නවා. ඒ වගේම මම කොපරේටිව් ට්‍රේනින් කරනවා. දැන් ඒක ඔන්ලයින් ක්ලාස් විදියටත් මම කරගෙන යනවා. ඒ එක්කම මම ආසයි ලයිෆ් කෝච් කෙනෙක් වෙන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය දේ වෙනුවෙනුත් මේ කාලය යොදවලා තියෙනවා.

සිංදු කියන්න පටන් ගත්ත විදියත් අපි මතක් කරමු නේද?

මම ඉස්සර නාන කමරේ දී විතරයි සිංදු කිව්වේ. පාසල් කාලයේදී නම් සිංදු කියලා තියෙනවා. ඒත් කවදාවත් මම හිතුවේ නැහැ එළිමහන් ප්‍රසංගවල සිංදු කියන්න පුළුවන් කියලා. දුෂ්‍යන්ත් ට මගේ ගායනය ගැන විශ්වාසයක් තිබ්බ නිසා මට දවසක් කිව්වා ඔපෙරාවක හඬ පරීක්ෂණයක් තියෙනවා එන්න කියලා. මම කිව්වා මට රඟපාන්න බැහැ ඒ නිසා මට එන්න බැහැ කියලා. මොකද මට කට්ටියක් ඉස්සරහ සිංදුවක් කියලා පුරුද්දක් තිබ්බේ නැහැ මම හැමදාම සිංදු කිව්වේ හුදකලා තැන්වල. හැබැයි දුෂ්‍යන්ත් මාව උනන්දු කළා ඇවිත් බලන්න ඔයාට පුළුවන් ද කියලා. ඉතින් මම ඒ අවස්ථාවට යනවා කියලා මම ගියා. පොඩි බයකුත් තිබ්බා. එදා මාව තේරුණේ නැහැ.

හිතට එදා නම් ලොකු දුකක් ආවා. මගේ ගායනය ඒ තරම් දුර්වලද කියලා හිතුණා. ඒ වුණාට දුෂ්‍යන්ත් මාව ශක්තිමත් කළා. බලාපොරොත්තු නැති කර ගන්න එපා කියලා. මම ආයේ අවස්ථාවක් අරන් දෙන්නම් ආයේ උත්සාහ කරන්න කියලා. ඒ අනුව තමා මම ඒ වෙනුවෙන් ගොඩක් කැපවුණා. අනිත් හැමෝටම කලින් පුහුණු වීම්වලට යන්නෙත් මම. එතනින් අන්තිමටම එන්නෙත් මම. හැමෝම කෑම කන වෙලාවට පවා මම කළේ පුහුණු වීම් කරපු එක. ඊට මාස තුන හතරකට පස්සේ තමා මට අවස්ථාවක් ලැබුණේ. ඔහොම තමා මම ගායනයට එන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.