Jul 11

යළිත් සමාජයට සීමා පැනවීමේ ඉඩක් ?


කොරෝනා ව්‍යාප්තියත් සමග පැනවූ දැඩි සීමා යළි පනවනවාද? නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය වන්නේ ජනතාවගේ කි‍්‍රයාකලාපය මත බව පොලීසිය පවසනවා.

පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ ජනතාව තවදුරටත් සුපරික්‍ෂාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

කොරෝනා අවදානම තවමත් පහව ගොස් නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සදහන් කළේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට ජනතාව දැක්වූ උනන්දුව මේ වනවිට අවම වී ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු සදහන් කළේ කොරෝනා වෛරසය සමාජය තුළ පැතිරීමේ ආකාර 4 ක් මේ වනවිට හදුනාගෙන ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා කියාසිටියේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වනවිට යළිත් අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි. එබැවින් පී සී ආර් පරීක්‍ෂණ තවදුරටත් වැඩි කළ යුතු බව ඔහු සදහන් කළා.

මේ අතර කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක  කරන බව පොලීසිය පවසනවා.

ඒ, කොරෝනා ආසාදිතයින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් හමුවී ඇති බව සදහන් කරමින් විවිධ කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර සංවිධානාත්මකව පතුරවන බවට තොරතුරු වාර්තාවීමත් සමගයි. එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ජනතාවට දැනුම් දෙන්නේ රජය විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.