Jul
09
රේගුවෙන් රාජසන්තක කළ වාහන හමුදාව ඇතුළු රාජ්‍ය ආයතනවලට
නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන රජයේ ආයතන වල භාවිතයට මුදා හැරීමට මුදල් අමාත්‍ය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ යුධ හමුදාව ඇතුළු රජයේ ආයතන වල භාවිතය සඳහා එලෙස රාජසන්තක කරන ලද වාහන ලබා ගැනීමට හැකියාව පවතින බවත් ඒ සඳහා රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකළ යුතු බවයි.
නිතිවිරෝධිව මෙරටට ගෙන්වා දැනට අධිකරණය හමුවේ නඩු කටයුතු යටතේ පවතින වාහන ඊට ඇතුලත් නොවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.
Source - නෙත් News