Jun 11

මහ දවල් ගෙට පැන දෙදරුමව බිය ගන්වා මුදල් පැහැර ගත් නරුමයින්


සිය සැමියා කොවිඩ් 19 අසාධිත රාජකාරිවල යෙදි  සිටින අවස්ථාවේදි රජයෙන් අබාධිත දරුවාට රුපියල් ලක්ෂ පහක ආධාර මුදලක් ලබාදි  ඇතැයි  සැකකර දෙදරු මවක් දහවල් කාලයේ නිවසේ  සිටින අවස්ථාවේදි මුහුණු ආවරණය කර එම නිවසට  පැන ඇත.

පසුව එම  දෙදරු මව බිය ගන්වා මුදල් පැහැර ගැනිමේ  සිද්ධියක් තෙල්දෙනිය පොලිස්  වසමට අයත් අක්කර අසූව ප්‍රදේශයෙන් වර්තාවේ.

තෙල්දෙනිය පොලිස් වසමේ අක්කර අසූව ගම්මානයේ පදිංචිඩි.එම්.අයිරාංගණි (55) මහත්මිය. මගේ මහත්තයා ආරක්ෂක අංශයේ  සේවය කරනවා. මම දෙදරුමවක්. එයින්  මගේ වැඩිමහලු  පුතා හදිසි රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වුනා. මගේ   අනෙක්  පුතා අබාධිත දරුවෙක්. ඔහුට රජයෙන් රුපියල් ලක්ෂ පහක ආධාර මුදලක්   ලැබෙන්නට තිබුනා. ඒපිලිබදව ප්‍රාදේශිය ලේකම්කාර්යාලයේ සමාජ සේවා   අංශයෙන් අපෙන් විස්තර ලබා ගත්තා. මේ පිලිබදවයම් හෝඩුවක් දැනගත්  පිරිසක් මුහුණු ආවරණයකර ගත්  හොරු ගෙට පැන්නා. අපිව භයකලා. එදින එම දරුවා ඉන්න වෙලේ අපේ නිවසට හොරු අවා මගේ මහත්තයා නිවසේ   හිටියේ නැහැ.

ඔහු  කොරෝනා  රාජකාරි  කටයුතුවලට ගිහින් තිබුනා අපේ නිවසට ආපු  මුහුණ ආවරනය කර ගත් තරුණයන්  මගෙන්  යම් යම් කරුනු  විමසුවා. එයින්  මම භිතියට පත්  වුණා.  ඒ අයගේ වචන අහලා  මම හොදටම භය වුනා. අපිට මොකුත් කරයි කියලා.  ඒ  අය මට කිව්වා  අර ලක්ෂ පහ දෙන්න  කියලා. මම කිව්වා අපිට ලක්ෂ පහක  සල්ලි නැහැ.  කියල .ඒ වේලාවේ  මට තර්ජනය කරලා  සල්ලි ගන්න කිව්වා.  මම ගම්මිරිස් විකුණල ගත්ත රුපියල් එකලොස් දහාස් එකසිපනහක මුදලක් ගෙයි තිබිල දුන්නා. ඒ මුදල ලබාගත් එම  තරුණයන් යලිත් එනවා කියල යතුරු පැදියෙන්ම ගියා. මගේ මහත්තයා රාජකාරි කරල නිවසට ආපු  දවසේ මම මේබව ඔහුට කිව්වා  ඔහු තෙල්දෙනිය පොලිසියට පැමිණිලි කලා.

 ඩි .එම්. කරුණාරත්න මහතා  (55) මම ආරක්ෂක අංශයේ සේවයකරනවා. මගේ බිරිදයි අබාධිත පුතයි තනිවම නිවසේ සිටිනවා. මම නිවසේ නැති  අවස්ථාවේ දහවල් කාලයේ නිවසට පැනල  බිරිද භය කරල රුපියල් ලක්ෂ පහයේ මුදල ඉල්ලා තිබෙනවා. මෙයින් තැති ගත්  බිරිඳ ගෙයි තිබුන රුපියල් එකලොස් දහාස් එකසිය පනහක මුදලක් ඔවුන්ට දිලා   තිබෙනව.මේ සිද්ධිය පිලිබදව තෙල්දෙනිය පොලිසියට පැමිණිලි කලාට පස්සේ දෙන්නෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තෙල්දෙනිය පොලිසියට මා ස්තුතිවන්ත වෙනවා.

ඡයාරුපය. තෙල්දෙනිය කේ. නිශ්ශංක
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.