Jun
11
ජාතික ත්රිරෝද රථ සංගමයේ සභාපති ඝාතනයට පෙර ගිය තැන (වීඩියෝ)
මිරිහාන ප්රදේශයේ, 53 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. සිද්ධියට අදාළ 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ පස්වරුවේ මිරිහාන ප්රදේශයේ පිහිටි ලීසිං සහ වාහන ණය පහසුකම් ලබාදෙන ආයතනයකට මෙම පුද්ගලයා ගොස් ඇති අතර, එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ සුනිල් ජයවර්ධන නැමති පුද්ගලයෙකු බවයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ තම වෘත්තිය සමිති සටන් සඟයෙකු වන ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන බවයි.
මෙම පුද්ගලයා, ලිසිං වාරික නොගෙවා සිටිනවිට වාහන රැගෙන යන පුද්ගලයන්ගෙන් (සීසර්) පහර කා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.