Jun 11

හොරා කන්න ආපු දොස්තර ඇල්ලු පොලිස් නෝනාගේ තවත් හපන්කම් හෙළිවෙයි


- වෙස්වළා ගෙන කැළේ මැදින් ගිහින් රත්තරන් ජාවාරම්කාරයකුත් මෙල්ල කළා

- මම කාර් එකෙන් බහින්න හදනකොට  ”අම්මාට වෙඩි තියයි’’ කියලා බබා කෑගැසුවා... දොස්තරව මං කකුලෙන් පාග ගත්තා...

- හරක් හොරුන්වත් කොටු කරලා තියනවා

මම රියැදුරුට කීවා ඉස්සරහින්ම යන ත‍්‍රීවිලර් එක පාස් කරලා ගිහින් නවත්වන්න කියලා. පස්සෙ අර දොස්තර හිටපු ත‍්‍රීවීලර් එක පාස් කරලා ගිහින් වාහනය නතර කළා. මම වාහනයෙන් බහින්න හදනකොට බබා කෑගහන්න ගත්තා අම්මා යන්න එපා ඔයාට වෙඩි තියයි කියලා. වාහනයේ රියැදුරුත් මට කිව්වා මැඩම් යන්න එපා කියලා. මම කිව්වා බබා බය වෙන්න එපා. අම්මා ඉක්මනින් එනවා කියලා. පස්සෙ අර දොස්තර ත‍්‍රීවීලර් එකෙන් පැනලා අර කොල්ලකාපු මුදල් බෑගය අරන් වාහන තදබදය අතරින් ‘සිග්සැග්’ ක‍්‍රමයට දුවන්න ගත්තා. එක අතක පිස්තෝලයකුත් තිබුණා.

‘‘මම කාර් එකෙන් බහින්න හදනකොට බබා කෑගැහුවා අම්මා යන්න එපා. ඔයාට වෙඩි තියයි කියලා. ඒ වුණත් මම ජීවිත ආරක්ෂාව පැත්තක තබා දුවලා ගිහිල්ලා සහෝදර පොලිස් නිලධාරීන් දෙන්නත් එක්ක කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 80ක මුදල් කොල්ලකා පලායමින් සිටි දොස්තරව අල්ලා ගත්තා’ යැයි මාතර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේෂලා බෝගහවත්ත මහත්මිය ඊයේ (10 වැනිදා) පැවසුවාය.

කොළඹ ජාතික රෝහලේ සරප් අංශයේ මුදල් අයකැමිගේ හිසට පිස්තෝලයක් තබා බියගන්වා රුපියල් ලක්ෂ 80ක මුදලක් කොල්ලකා පලාගිය එම රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ වීර ක‍්‍රියාව පිළිබඳව විමසූ අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය මෙසේ ද කියා සිටියාය.

‘‘ඇත්තටම මම 09 වැනිදා මගේ පෞද්ගලික වාහනයෙන් ආවේ කොළඹ අලූත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණයට හා පොලිස් මූලස්ථානයේ කටයුත්තකට යන්නයි. මමත්, බබාත්, රියැදුරුත් රථයේ ආවා. ඒ එනකොට දවල් 1.30ට විතර පොලිස් මෝචරිය ප‍්‍රදේශයේ මාර්ගයේ මම දැක්කා කලබලයෙන් යන ත‍්‍රීවිල් එකක්. ඒ පිටුපස තවත් ත‍්‍රීවිල් එකක් හඹායනවා දැක්කා. මම රියැදුරුට කීවා ඉස්සරහින්ම යන ත‍්‍රීවිලර් එක පාස් කරලා ගිහින් නවත්වන්න කියලා. පස්සෙ අර දොස්තර හිටපු ත‍්‍රීවීලර් එක පාස් කරලා ගිහින් වාහනය නතර කළා. මම වාහනයෙන් බහින්න හදනකොට බබා කෑගහන්න ගත්තා අම්මා යන්න එපා ඔයාට වෙඩි තියයි කියලා. වාහනයේ රියැදුරුත් මට කිව්වා මැඩම් යන්න එපා කියලා.

මම කිව්වා බබා බය වෙන්න එපා. අම්මා ඉක්මනින් එනවා කියලා. පස්සෙ අර දොස්තර ත‍්‍රීවීලර් එකෙන් පැනලා අර කොල්ලකාපු මුදල් බෑගය අරන් වාහන තදබදය අතරින් ‘සිග්සැග්’ ක‍්‍රමයට දුවන්න ගත්තා. එක අතක පිස්තෝලයකුත් තිබුණා. පස්සේ අර පසුපසින් ආපු ත‍්‍රීවිලර් එකේ ආපු බුද්ධි අංශයේ සහෝදර නිලධාරීන් දෙන්නත් එක්ක මමත් දිව්වා. කොහොම හරි දුවලා දුවලා ගිහින් එක් සහෝදර නිලධාරියකු අර දොස්තරගේ ඇඟට පැනලා බිමට වට්ට ගත්තා. ඒ එක්කම දොස්තරගේ බොරු කොණ්ඩය ගැලවිලා විසිවුණා. කොල්ලකාපු මුදල් බෑගය සහ කළු පැහැති පිස්තෝලය විසිවුණා. මේ දොස්තර හොඳට ඇඟපත තියෙන එක්කෙනෙක්. මිනිහා උත්සාහ කළේම රාළහාමිලා දෙන්නට ගහලා පැනලා යන්නමයි. බැරිම තැන මම මහත නිසා මිනිහව කකුලෙන් පාගගෙන හිටියා මරදාන පොලිසියට භාර දෙන්න. සැකකරු භාවිතා කරපු පිස්තෝලය බොරු එකක් කියලත් හෙළිවුණා. අනතුරුව එම ස්ථානයෙන් ගමන් කරපු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ වාහනයෙන්ම සැකකරුයි, කොල්ල කාපු මුදලූයි, බොරු පිස්තෝලයයි, බොරු කොණ්ඩයයි ඔක්කොම මරදාන පොලිසියට භාර දුන්නා.

‘‘මේක මගේ පොලිස් වසමේ සිද්ධියක් නොවුණත් සතුටු වෙනවා මෙවැනි විශාල මංකොල්ලයක් වළක්වා ගන්න පුළුවන් වෙච්ච එක ගැන. අර සහෝදර නිලධාරීන් දෙන්නා රාජ්‍ය බුද්ධි අංශයේ දෙන්නෙක් කියලා මම මුලින් දැනගෙන හිටියේ නැහැ. කොහොම වුණත් මට හරි සතුටුයි. මේක මට එක සිද්ධියක් පමණයි.

‘‘මම මාතර පොලිසියේ වසර 18ක අත්දැකීම් තිබෙන නිලධාරිනියක්. මම කාන්තාවක් විදිහට සෑහෙන අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ මගේ ජීවිතය, පවුල ගැනවත් හිතන්නේ නැතුව. මට මතකයි එක පාරක් රත්තරන් හොරු වගයක් අල්ලන්න ති‍්‍රකුණාමලය කැලේට ගිහින් අතරමං වීම. මමයි සහෝදර නිලධාරියකුයි ගියේ. මම ව්‍යාපාරික කාන්තාවක් විදිහටත්, සහෝදර නිලධාරියා මගේ මල්ලි විදිහටත් ගියා. ජීවිත අවදානමත් එක්ක ගියේ. මොකද මේ අය අපිට වෙඩි තියලා මරයිද? හිර කරයිද? කියලා දන්නේ නැහැනෙ. අපි ලක්ෂ 20කට අර රත්තරන් ගන්න බවට කියමින් තමයි ගියේ. දිගටම එන්න කියමින් සැකකරුවන් කැලේ කිලෝමීටර් හයකට වඩා අරන් ආවා. පස්සෙ අර අපිට කතා කරපු පුද්ගලයා අපි ඉස්සරහට ආවා. මිනිහා අපෙන් ඇහුවා කෝ සල්ලි කියලා. පස්සෙ අපි කිව්වා සල්ලි දෙන්න රත්තරන් අරන් එන්න කියලා. මිනිහා ට‍්‍රයි කළේ අපේ සල්ලි ටික අරන් පනින්නයි. පස්සෙ මම එකපාරටම මිනිහගේ ඇඟට පැනලා අල්ලා ගත්තා. මිනිහා උත්සාහා කළේම පැනලා දුවන්නයි. පස්සෙ මම අනිත් නිලධාරියාට කිව්වා ඉක්මනට පොලිස් මූලස්ථානයට කෝල් කරලා කන්තලේ පොලිසියේ කණ්ඩායමක් එවන්න කියලා. මොකද කැලේ පාරවල් අපි දන්නේ නැහැනේ. කොහොම හරි අර සැකකරු මම පැයකට වැඩි කාලයක් මගේ ග‍්‍රහණයේ තබා ගත්තා. හරි අමාරු වැඩක් පිරිමියෙක් ග‍්‍රහණයේ තබා ගන්නවා කියන එක. පස්සෙ පොලිස් කණ්ඩායම ආවාට පසුව සැකකරු භාර දුන්නා. රත්තරන් ටිකත් හොයා ගත්තා.

‘‘තව එක පාරක් අපි පවුලේ පිරිස මහියංගණය, දඹානේ විනෝද චාරිකාවක් යමින් ඉන්නකොට මම දැක්කා කැලෑවකට යන තැනක හරකෙකුට තල්ලූ කර කර ගහන සිද්ධියක්. මට තේරුණා එතන මොකක් හෝ සිද්ධියක් වෙනවා කියලා. මම වාහනය නතර කරන්න කියලා ඒ පැත්තට දිව්වා. මගේ පස්සෙන් වාහනයේ හිටපු පිරිමි කට්ටියත් දුවගෙන ආවා. එහිදී මම දැක්කා හරක් හය දෙනෙක් ඉන්නවා. මාත් එක්ක ආපු අය පොලිසියේ අය නොවෙයි. ඒත් මම ඒ අයට අයි.පී. සුරංග, අයි.පී.නාලක වගේ වගේ කියමින් කතා කළා. එතන තව පුද්ගලයින් තුන්දෙනෙක් හිටියා. පස්සෙ ‘‘අපි සී.අයි.ඞී. එකෙන්... යටත් වෙයල්ලා.. නැත්නම් වෙඩි තියනවා’’ කියලා කෑගැහුවා. පස්සෙ ඒ අය යටත් වුණා. බලනකොට මේ අය හරක් හොරු. හොරකම් කරන හරක් මස් කඬේට යවන එක තමයි මේ අයගේ රාජකාරිය. පස්සේ මේ අය පොලිසියට භාර දීලා අපේ විනෝද චාරිකාව ගියා.

‘තව මම බොරැල්ලේ දී සැකකරුවෙක් ඇල්ලූවා විශාල වෙහෙසක් දරලා.

‘ඒ වගේම දරුවන්ට, කාන්තාවන්ට අතවර, අපරාධ සිද්ධීන් කරපු සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒ තරමටම සෑහෙන සිද්ධීන් ගණනාවක් අල්ලපු කාන්තාවක්. මම මේ හැමදෙයක්ම කළේ සම්මාන ගන්න නොවෙයි. මම මේ හැම කැපකිරීමක්ම කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය වෙනුවෙන්. ඒ වගේම රටේ මහජනතාවට සිදුවන ඕනෑම අසාධාරණයක් වෙනුවෙන් පෙනී ඉන්න මා සූදානම්.’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.