Jun 02

බොරැල්ල OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග බොරු සාක්‍ෂි හැදූ බව හෙලිවෙයි..!


තරුණයකුට බරපතළ තුවාල සිදුකරමින් 2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ප‍්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ රිය අනතුර පිළිබඳව බොරු සාක්‍ෂි ලබාදීම,

සත්‍ය වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ එවකට වැලිකඩ පොලිස්  ස්ථානාධිපතිරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල මහතා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තු නියෝගයක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට ඊයේ (01 දා) පස්වරුවේ උපදෙස් දුන්නේය.

මේ වන විට මොරටුව දිසාව භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස රාජකාරි කරන සුදත් අස්මඩල මහතාට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 102, 103(අ) 190, 198 සහ 215 යන වගන්තිය යටතේ වන වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට ප‍්‍රමාණවත් කරුණු එනම් ඒ සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඉදිරිපත්වී ඇති බවට විමර්ශන අනුව පෙනී යාම නිසා නීතිපතිවරයා එලෙස උපදෙස් ලබාදී ඇත.

නීතිපතිවරයා වෙනුවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම උපදෙස් ලිපියේ පිටපත් වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයාට, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා වෙතද යොමුකර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප‍්‍රකාශ කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.