Jun 20

පාස්කුව ලේ විලක් කළ බිහිසුණු කතාවේ මුල - මැද - අග හෙළිවෙයි


පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන මේ වනවිට පවතින්නේ අවසන් අදියරේය. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ තොරතුරු රැසක් මේ වන විට ආරක්ෂක අංශ විසින් හෙළිකර ගනු ලැබ තිබේ. පාස්කු ප්‍රහාරයට පෙරාතුව මොහොමඩ් සහරාන්ගේ ත්‍රස්ත කල්ලිය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද ත්‍රස්ත ක්‍රියාකාරකම්ද මේ වන විට හෙළි වී හමාරය.

ජාතික තවුහිද් ජමාත් නමැති ආගමික ලේබලයකින් සංවිධාන වූ මෙම ත්‍රස්ත කල්ලිය ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානයක් වන අයිඑස්අයිඑස් සංවිධානය සමඟ සමීප සබඳතා දක්වති.

අන්තවාදී මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් 2017 මාර්තු 10 වැනි දින ශ්‍රී  ලංකා තවුහිද් ජමාත් සංවිධානයෙන් ඉවත් වී ජාතික තවුහිද් ජමාත් නමැති ත්‍රස්ත සංවිධානය පිහිටුවා ඇත්තේ ලේ වැගිරීමක අපේක්ෂාවෙනි.

සහරාන් කුඩා කල සිටම අන්තවාදී අදහස් වැපිරූ අයෙක් විය. ඒ නිසාම ඔහු 2007දී ඉගෙන ගනිමින් සිටි විද්‍යාලයෙන්ද ඉවත් කර තිබිණි. සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉගෙන ගත් සහරාන් දේව ධර්මය ඉගෙන ගැනීම සඳහා වෙනත් විද්‍යාලයකට ඇතුළත්ව තිබියදී ඔහුගේ අන්තවාදය පිළිබඳ තේරුම් ගත් ගුරුවරුන් මෙලෙස ඔහු විද්‍යාලයෙන් නෙරපා තිබිණි.

උසස් අධ්‍යාපනයක් නොමැති වුවද සහරාන් දක්ෂ කථිකයකු වූ බැවින් කුඩා කල සිට විවිධ සංවිධානවල ප්‍රබල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.

සහරාන් 2010 කුරුණෑගල, නාරම්මල, කැකුණගොල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් සරණ කර ගත්තේද හිතුවක්කාර ලෙසය.

ඔහුගේ මුළු පවුලම ත්‍රස්තවාදීන් බවට පරිවර්තනය කර ඇත්තේ කුරානයේ ඉගැන්වීම් විකෘති කරමිනි.

තම බිරිය වන අබ්දුල් කාදර් ෆාතිමා නමැත්තියද අන්තවාදී අදහස්වලට නතුකර ගැනීමට සමත් වූ සහරාන් විදේශීය රටවල තහනම් ත්‍රස්ත සංවිධාන සමඟ ගනුදෙනු කරමින් මෙරට තුළ ඔහු ගෙන ගිය ත්‍රස්ත

කල්ලිය පෝෂණය කර ඇති බවද විමර්ශනවලදී තහවුරු වී තිබේ.

මෙරට ලේ විලක් කිරීමේ අරමුණින් ගොඩනැඟුණු ත්‍රස්ත කල්ලියට නායකත්වය දෙමින් කටයුතු කළ මොහොමඩ් සහරාන් තමාගේ පවුලේ සියලුදෙනාහටම අවි ආයුධ පුහුණුව සහ බෝම්බ නිෂ්පාදනය කිරීමේ පුහුණුව ලබාදී තිබේ.

සහරාන්ගේ බාල සහෝදරයකු වන මොහොමඩ් රිල්වාන් එම ත්‍රස්ත සංවිධානය තුළ බෝම්බ නිෂ්පාදනය කිරීමේ දක්ෂයකු ලෙස හ¾දුන්වා තිබූ අතර 2018 වසරේ අගෝස්තු මස 26 වැනි දින අත්හදාබැලීමකදී බෝම්බයක් පුපුරා යෑමෙන් ඔහුගේ ඇඟිලිවලට දැඩි හානි සිදුවිය.

මොහොමඩ් සහරාන්ගේ උපදෙස් මත සිය සහෝදරයාව ප්‍රතිකාර සඳහා සූක්ෂ්ම ලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබීම හේතුවෙන් එම අවස්ථාව ආරක්ෂක අංශයන්ගෙන් ගිලිහී ගියේය.

බෝම්බයක් පිපිරී යෑමෙන් දෑතේ ඇඟිලි පවා අහිමි වූ මොහොමඩ් රිල්වාන්ට කොළඹ ජාතික රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරුන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඉකුත් සතියෙහි පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න අවධාරණය කළේ මෙම විමර්ශනවලට අදාළව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු කරුණු සඟවා ඇති බව හෙළිව ඇති බවටය. එම වෛද්‍යවරයාගෙන් රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව මොහොමඩ් රිල්වාන් ඇතුළු සහරාන්ගේ පවුලේ උදවිය සහ සෙසු ත්‍රස්තයන්ගේ බිරින්දෑවරු සයින්දමරුදු ප්‍රදේශයට පලා ගියහ.

එදා මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේගේ නායකත්වයෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව මොහොමඩ් රිල්වාන් ඇතුළු ත්‍රස්ත පිරිස ඔවුන්ගේ දූ දරුවන් සමඟ සයින්දමරුදුහි නිවෙසක් තුළ දිවි නසා ගත්හ.

මොහොමඩ් සහරාන්ගේ පියා, සහෝදරයන් දෙදෙනා මෙන්ම සහරාන්ගේ බඩදරු නැඟණියද දරුවන් සමඟ මෙලෙස මරාගෙන මැරුණහ.

ඊට පෙර සහරාන්ගේ සොහොයුරන් සහ පියා ආරක්ෂක අංශ සමඟ වෙඩි හුවමාරුවකද නිරත වූ අතර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පුපුරුවා ගැනීමට පෙර ඔවුන් වීඩියෝවක්ද අන්තර්ජාලයට මුදා හැර තිබිණි. කෙසේ වෙතත් මොහොමඩ් සහරාන්ගේ බිරිය සහ ඔහුගේ දියණිය ඉන් දිවිගලවා ගත්හ. සහරාන්ගේ පිරිමි දරුවාද ජීවිතක්ෂයට පත් වූ අය අතර විය.

2018 නොවැම්බර් මස තිස් වැනි දින

මඩකළපුව, වවුනතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක් තුළදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාවද සිදුකර ඇත්තේ මොහොමඩ් සහරාන්ගේ ත්‍රස්ත කල්ලිය විසින් බව මේ වන විට හෙළිව තිබේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 35 හැවිරිදි නිරෝෂන් ඉන්දික ප්‍රසන්න සහ කල්මුණේ ප්‍ර‍දේශයේ පදිංචි 28 හැවිරිදි

ගනේෂ් දිනේෂ් නමැති පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අබිරහස් ලෙස ඝාතනය කර තිබියදී මෙදින අලුයම සොයාගනු ලැබිණි.

එදින අලුයම 3.30ත් 4.00ත් අතර කාලය ඇතුළත මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කර අතර ගනේෂ් කොස්තාපල්වරයාගේ හිසට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබෙනු ද නිරීක්ෂණය විය.

පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න ඝාතකයන් සමඟ පොරබැදීමක්ද සිදුකර තිබූ අතර ඔහුගේ ගෙල කපා ඝාතනය කර තිබිණි.

ඔවුන් සන්තකයේ තිබූ ‍රිවෝල් වර්ගයේ ගිනි අවිද ඝාතකයන් විසින් රැගෙන පලා ගොස් තිබිණි.

එවක මහත් ආන්‍ෙදා්ලනයට තුඩුදුන් මෙම සිද්ධියේ සැකය එල්ල වූයේ පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් පිරිසකටය.

මෙම වකවානුවේ මහවිරු දිනය සැමරීමට වවුනතිව් ප්‍රදේශයේ කොටි හිතවාදීන් පිරිසක් සොහොන් පිට්ටනියක සැරසිලි කර තිබූ අතර වවුනතිව් පොලිසිය එම සැරසිලි ඉවත් කර තිබිණි.

වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට හේතු වූයේ මෙය බවට එකල ආරක්ෂක අංශ සැක සිතූ අතර පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ හිතවාදීන් කිහිපදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයෙන් පසු මේ සිද්ධිය සැලවීමත් සමඟ එම සැකකරුවන් නිදහස් කෙරිණි.

කොස්තාපල්වරුන් දෙදෙනාගේ අබිරහස් ඝාතනය එල්ටීටීඊ හිතවාදීන් මත වැටෙද්දී මොහොමඩ් සහරාන් මාවනැල්ල ප්‍රදේශයේ ජාතිවාදී අරගලයක් ඇති කිරීම සඳහා බුදු පිළිම රැසකට හානි සිදු කළේය.

බුදු පිළිම කඩා විනාශ කළ තරුණයකුට මොහොමඩ් සහරාන් විශාල මුදලක්ද දී ඇති බව හෙළි විය.

තත්ත්වය මෙසේ තිබියදී එවක රහස් පොලිසිය විසින් වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු ස්ථානයක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය‍ තොගයක් සොයා ගනු ලැබීය. ඒ 2019 වර්ෂයේ ජනවාරි 16 වැනි දිනය.

දැවැන්ත ප්‍රහාරයකට භාවිතා කළ හැකි බෝම්බ නිෂ්පාදනය කිරීමට පවා අවශ්‍ය අමුද්‍රව්‍ය එහි විය. එවැනි නීති විරෝධී දෑ තොග වශයෙන් වනාතවිල්ලුවෙන් සොයාගැනුණු අතර එය මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන කඳවුරක් බවට ද මේවන විට හෙළිව තිබේ.

මාවනැල්ලේදී බුදු පිළිමවලට හානි දෙදෙනකු මෙම වනාතවිල්ලුව අවි ගබඩාවේ සිද්ධියේ සැකකරුවන් වීම ද විශේෂත්වයකි.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීමට මොහොමඩ් සහරාන්ගේ කල්ලිය සම්බන්ධ බවට හෙළි කළ තරුණයකු ඝාතනය කිරීමටද සහරාන් සැලසුමක් දියත් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙසට 2019 මාර්තු මස 9 වැනි දින මාවනැල්ල ප්‍රදේශයේ සිය නිවෙස තුළ සිටි එම්.ආර්.එම්. තස්ලිම් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් දියත් විය. යතුරුපැදියක පැමිණි දෙදෙනකු සිදුකළ මෙම වෙඩි ප්‍රහාරයෙන් තස්ලිම්  බරපතළ තුවාල ලැබීය.

ඔහු එවක රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ කබීර් හෂීම් මහතාගේ ආධාරකරුවෙක් ද විය.

එවක විවිධ පාර්ශ්ව වෙත මෙම ඝාතන උත්සාහයෙහි සැකය ‍ෙදා්ලනය වූ නමුත් ඉතා සූක්ෂ්ම ලෙස මෙම ප්‍රහාරය ද දියත් කරනු ලැබුවේ මොහොමඩ් සහරාන්ගේ උපදෙස් මතය.

මඩකළපුව, වවුනතිව්හිදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඝාතනය කොට ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් ගිනි අවිද මෙම ඝාතන තැත සඳහා සහරාන්ගේ කල්ලිය විසින් යොදාගෙන තිබිණි.

තස්ලිම් ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට අලාභ හානි කිරීමේ සැකකරුවන් ලෙසද මේ වන විට හ¾දුනාගෙන ඇත.

තමන්ගේ ත්‍රස්ත අරමුණ කරා යන ගමනේ එල්ල වන සියලු බාධක ඉවත්කර දැමීමට සහරාන් කටයුතු කර ඇති අන්දම මෙම ඝාතන උත්සාහයෙන් හෙළිදරව් වේ.

මේ වන විටත් මොහොමඩ් සහරාන් විසින් පාස්කු ප්‍රහාරය සැලසුම් කොට හමාර වී ඇති අතර පාස්කු ප්‍රහාරයට දින 5කට පෙර සහරාන් විසින් යතුරුපැදියක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරවා හරිමින් අත්හදා බැලීමක් සිදුකර ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබේ.

සහරාන්ලාගේ බෝම්බ පුපුරුවා හැරීමෙන් දෙස් විදෙස් 278 දෙනකුට ජීවිත අහිමි වූ අතර 594කට බරපතළ තුවාල සිදු විය.

පාස්කු ප්‍රහාරයෙන් විදේශ ජාතිකයන් 30දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 27දෙනකු තුවාල ලබා තිබිණි.

මෙම ප්‍රහාර මාලාවේ කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ මට්ටක්කුලිය, සෙන්ට්‍රල් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අලව්ඩ්න් අහමඩ් මුවාත් විසිනි.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයා වූයේ වාලචේන ප්‍රදේශයේ අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන්ය.

කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වූයේ කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිටි මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන ත්‍රස්තයාය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පමණක් ත්‍රස්තයන් දෙදෙනකු විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයන් දියත් කරන ලද අතර ඊට ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක කාන්තන්කුඩිය ප්‍රදේශයේ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් යන ත්‍රස්තයා සහ දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචිව සිටි මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන ත්‍රස්තයා මරාගෙන මැරෙන ප්‍රහාරයන් දියත් කළහ.

මඩකළපුව සියෝන් දේවස්ථානයේ කුඩා දරුවන් රැසකට දිවි අහිමි කරමින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරන ලද්දේ නව කාත්තන්කුඩිය, කනත්ත පාර ප්‍රදේශයේ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසිනි.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත් කරන ලද්දේ දෙමටගොඩ, බේස්ලයින් පාර, මහවිල උද්‍යානයේ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් විසිනි.කොළඹ තවත් තරු පහේ හෝටලයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත් කිරීමට පැමිණ බෝම්බ කට්ටලය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ ලැගුම්ගෙන සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් තම මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා හරිමින් සියදිවි හානිකර ගත්තේය.

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක අංශ විසින් ත්‍රස්තයන් සිටින ස්ථානයක් බවට හ¾දුනාගත් දෙමටගොඩ, මහවිල උද්‍යානය තුළ පිහිටි තෙමහල් නිවෙසක් පරික්ෂා කිරීමට යෑමේදී ෆාතිමා ඉල්හාම් නමැත්තිය විසින්ම පුරවාගත් බෝම්බයක් නිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනෙක්ද දිවි පිදූහ.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සොයා ගෙන ඇති දුරකථන සම්බන්ධතා දෙදහසකට අධික ප්‍රමාණයක් සහ දුරකථන සංවාද තුන්දහසකට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විශ්ලේෂණයක නිරත වෙමින් සිටී.

දැනට සිදුකර ඇති විමර්ශනයට අදාළව ටී - 56 වර්ගයේ ගිනි අවි 03ක්, රිවෝල්වර් 02ක්, පිස්තෝලයක්, බෝර 12 ගිනි අවියක්, ඩෙටනේටර් 1,924ක්, ජෙලෙට් නයිට් කූරූ 615ක්, ජෙලෙට් නයිට් සාන්ද්‍රන කිලෝ 10කට අධික ප්‍රමාණයක්, සේවා නූල් මීටර් 195ක්, කඩු 67ක්, නයිටි්‍රක් ඇසිට් කිලෝ 35, කෑන් 16ක්, යූරියා කිලෝ 50 මිටි 09ක්, පොටෑසියම් නයිට්ට්‍රේට් කිලෝ 110ක් සහ විවිධ වර්ගයේ උණ්ඩ 531ක්, ජංගම දුරකථන 113කට අධික ප්‍රමාණයක්, පරිගණක විසිදෙකක්, වාහන කිහිපයක් ද මේ දක්වා සිදු කළ විමර්ශනවලදී  අත්අඩංගුවට ගෙන තිබේ. 

මේ ත්‍රස්තයන්ට විදෙස් රටවල ක්‍රියාත්මක තහනම් සංවිධාන රුපියල් බිලියන ගණන් මුදල් බැර කොට ඇති අතර ඒවා සංසරණය කළ ගිණුම් කිහිපයක් ද මේ වන විට සොයාගෙන ඇත. ත්‍රස්තයන්ට අයත් ගොඩනැඟිලි, ඉඩම් ආදී දේපළ ද ත්‍රස්තයන් භාරයේ තිබූ ඇමෙරිකානු ඩොලර් 23500ක් සහ රත්තරන් පවුම් විස්සක් පමණද බෝම්බ සෑදීම සඳහා යොදා ගන්නා ඩෙටනේටර් දෙදහකට අධික තොගයක් සහ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා තවත් නීතිවිරෝධී දෑ රැසක් ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

දෙමටගොඩ, මහවිල උද්‍යානය පදිංචි ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරිකගේ පුත්‍රයන් දෙදෙනකු වන මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් යන දෙදෙනා ද මෙම බෝම්බ ප්‍රහාර මාලාවේදී මරාගෙන මැරුණු බවට හෙළිවීමත් සමඟ ඔවුන්ගේ ත්‍රස්ත ගනුදෙනු සම්බන්ධයෙන් ආරක්ෂක අංශය සොයා බැලීමක් සිදුකළේය.

එහිදී හෙළි වූයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු වැඩිමහල් සොහොයුරා වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් ආන්‍ෙදා්ලනාත්මක වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු බවටය.

වර්ෂ 1986 උපත ලැබූ ඔහු විවාහකයකු වූ අතර පාස්කු දිනට පෙර දින ඔහු බිරියට පවසා ඇත්තේ තමන් විදෙස් ගතවන බවය.

ඔහුගේ බාල සොහොයුරන් වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරිණි. ඔහු එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් මූලික සහ පශ්චාත් උපාධිය හැදෑරූ අයකු බවද හෙළි විය. වෘත්තියෙන් ගුවන් යානා ඉන්ජිනේරුවකු වන ඔහු අන්තවාදී අදහස්වලට එළැඹ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන අවධියේ බවද හෙළිව ඇත.

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව කුඩා කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන ගියද ඒ තුළ බෝම්බ නිෂ්පාදන කරමින් සහ තවත් නීති විරෝධී නිෂ්පාදන කරමින් මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් සිය ත්‍රස්ත ජාලයට මුදල් රැස්කර ඇති බවද මේ වන විට හෙළිව තිබේ. එම කර්මාන්ත ශාලාවට ලැබුණු තඹවලින් විවිධ නිෂ්පාදනයන් කර විදෙස් රටවලට යවා ඉපැයූ රුපියල් කෝටි ගණනක මුදලක් ත්‍රස්ත කටයුතු සඳහා යොදවා ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම විමර්ශනවලට අදාළව මේ වන විට පුද්ගලයන් දෙසිය තිස් හතක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට ත්‍රස්ත සැකකරුවන් තිස් හත්දෙනකු පමණ රහස් පොලිසිය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙන අතර තවත් තිස් පස්දෙනකු පමණ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ත්‍රස්ත සැකකරුවන් හැට තුන් දෙනකු පමණ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර සැකකරුවන් දාසය දෙනකු පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින්ද මේ වන විට පුද්ගලයන් 8 දෙනකු රැඳවුම් භාරයේ තබා ගෙන ඇත. තවත් සැකකරුවන් පස්දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙරට ලේ විලක් කිරීමේ අරමුණින් මොහොමඩ් සහරාන් සමඟ එකතු වූ ත්‍රස්ත ජාලය මුලිනුපුටා දැමීම සඳහා මේ වන විට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.

දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන්ද ආධාර උපකාර මත පෝෂණය වූ මොහොමඩ් සහරාන්ගේ ත්‍රස්ත කල්ලිය පාස්කු ඉරු දින ම්ලේච්ඡ  ප්‍රහාරය අප හදවත් තුළ තවමත් කම්පා කරවයි.

චාමර අමරසූරිය
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.