Jun 30

ඌරන් ගෙන් ව්‍යාප්තවන නව වෛරසයක් ගැන චීනය අනතුරු අඟවයි


චීන ඌරන් හරහා ව්‍යාප්තවන නව වෛරසයක් සම්බන්ධයෙන් එරට විශේෂඥයින් සිදුකළ පර්යේෂණයකදී තොරතුරු හෙළිව තිබෙනවා.

2011 සිට 2018 යන වර්ෂයන් අතර වාරයේදී ඌරන්ට හටගත් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ වෛරස් සම්බන්ධයෙන් පර්යේෂණයක යෙදී සිටි චීනයේ විශේෂඥයින් පිරිසකට H1N1 වසංගත වෛරසයක සියලු ලක්ෂණ සහිත " G4” නම් වූ වික්‍රියාවක් හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා.

චීනයේ වෛද්‍ය පර්යේෂක කණඩායම විසින් සිදුකළ එම පර්යේෂණයේ තොරතුරු අමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සුප්‍රකට විද්‍යා සඟරාවක් වන " National Academy of Science” හි පළකොට ඇත.

මෙම නව වෛරසය ඉක්මනින් මිනිසුන්ට බෝවීමේ හැකියාවක් පවතින බවත් එය ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි චීන පර්යේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.

දැනට සිදුකර ඇති පර්යේෂණ වලදී ඌරු ගොවිපළවල් ආශ්‍රිතව සේවය කරනු ලබන සේවකයින්ගේ රුධිර පරීක්ෂණයේදී ඔවුන්ගේ රුධිර සාම්පල් තුළ වෛරසය පැවති බවට සොයා ගෙන තිබෙනවා.

අධික ජනගහණයෙන් යුත් පුද්ගලයින් ගොවිපොළවල් ආශ්‍රිතව ජිවත් වීම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තියක් සිදුවුව හොත් ඉතා ඉක්මනින් මිනිසුන් අතරේ පැතිර යාමට ඉඩක් ඇති බවයි චීන පර්යේෂක කණ්ඩායම සඳහන් කර සිටින්නේ.

Source - නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.