Jun
18
උණ හැදුණු අවුරුදු තුනක දරුවා නිවෙසේ ඇද වැටී මරුට
යාපනයේ වඩමාරච්චි අරියාලේ ප්‍රදේශයේ වයස අවුරුදු තුනක කුඩා දරුවකු නිවෙස තුළම ඇද වැටී 16දා මියගොස් තිබේ.
ජෙබනීසන් සියෝන් නැමැති මෙම දරුවා උණ රෝගයෙන් පෙළී සිටීම නිසා ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදී නිවෙසේ සිටියදී ඔහු හදිසියේම නිවස මැද සාලයේ ඇද වැටී තිබේ.
ඔහු මන්තිහෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහු එහිදී මියගොස් තිබේ.
මියගිය දරුවා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්. ප්‍රේම්ශංකර් මහතා නිගමනය කොට ඇත්තේ සිසුවා බිම ඇද වැටීම නිසා හිස්කබලට සිදු වූ තද බල හානි නිසා ඔහු මරණයට පත්ව ඇති බවයි.
මියගිය අයගේ දේහය මවුපියන් වෙත බාර දී ඇති අතර පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
Source - මව්බිම