Jun 18

ජනපති ආර්යාවගේ තේ කෝප්පය ගම්මන්පිල පරදුවට තබයි


තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනය සඳහා ආරාධනා කළේ 2013 වසරේදී බවත් ඒ සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාද තමන් සමග එක්වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනයට ආරාධනා කිරීමේ අදහස තමන් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාට ප්‍රකාශ කර සිටි අවස්ථාවේ “ ඔබ ඔය හදන්නේ ගෝඨාභය ගේ නිවසේදී අයෝමා ගේ (ජනාධිපති ආර්යාව) අතින් ලැබෙන තේ කෝප්පයද නැති කරගැනීමට “ යැයි ඔහු තමන්ට පැවසූ බව මෙහිදී ගම්මන්පිල මහතා සිහිපත් කළේය. කෙසේ වෙතත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමේ කාර්යභාරය සාර්ථක කර ගැනීමට හැකි වූ බව ඒ මහතා කියා සිටියේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳහන් කර සිටියේ දෙරණ රූපවාහිනියේ විකාශනය වූ 360 වැඩසටහන හා එක්වෙමිනි.

මෙහිදී විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් ඉතා සංවේදීව අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ලොව පුරා රටවල් 102 ක ශ්‍රි ලංකාවට පැමිණීමට අපේක්ෂා කරණ 49,470ක ශ්‍රී ලාංකිකයන් ද ලක් මවගේ දරුවන් බවය. ඒ සෑම දෙනාම රැක බලා ගැනීම ආණ්ඩුවේ වගකීම බවත් එම වගකීම ඉටු කිරීමට රජය පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වනුයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සෑම ශ්‍රී ලාංකිකයෙකුම මවුබිමට ගෙන්වාගැනීම බව සඳහන් කළ උදය ගම්මන්පිල මහතා එය සෞඛ්‍යය නිරෝධායන පද්ධතියේ ධාරිතාවයන්ට අනුකූලව නිසි සැලසුමකට ඉතා ක්‍රමානුකූලව සිදු කෙරෙමින් පවතින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව වත්මන් දේශපාලනයේ උණුසුම් කරුණු රාශියක් පිළිබඳව ගම්මන්පිල මහතා අදහස් දැක්වීය.

Source - Lanka C News

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.