Jun 05

2178/18 ගැසට් පත‍්‍රයෙන් රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට


අංක 2178/18 දරණ ගැසට් පත‍්‍රය මගින් ස්වාධීන රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට පත්කොට ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරසිටියේ මැතිවරණය දිනය පිළිබද තීන්දුව ලබාදෙන දවසේ රාති‍්‍රයේ මෙම ගැසට් පත‍්‍රය නිකුත් කොට ඇතිබවයි.

රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළ මට්ටමක සිටි බවත් මෙම ගැසට් පත‍්‍රය හරහා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුඑ රාජ්‍ය නිලධාරින් හමුදාපතිවරු යටතට පත්කොට ඇති බවත් පැහැදිලිවම මෙමගින් රාජ්‍ය සේවය මිලිටරිකරණයට පත්කොට ඇතැයි ඒ මහතා ප‍්‍රකාශ කළේය.

මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

අංක 2178/18 ගැසට් පත‍්‍රයක් මගින් 12 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරලා තිබෙනවා. ඒ දොලොස් දෙනාම හමුදා නිලධාරින්. මේකේ භයානකකම තමයි අපේ කීර්තිමත් රාජ්‍ය සේවය මේ කාර්ය සාධක බලකාය යටතට පත්කරලා තිබෙනවා. ති‍්‍රවිධ හමුදාවේ උසස් නිලධාරින් දොලොස් දෙනෙක් සිටිනවා. මේ ගැසට් පත‍්‍රය අනුව අපේ රාජ්‍ය සේවයේ නිලධාරින් සියඑ දෙනාම කාර්ය සාධක බලකායෙන් ලබාදෙන නියෝග කි‍්‍රයාත්මක කරන්න ඕන. මේක අපේ ව්‍යවස්ථාවට පටහැනියි. මොකද රාජ්‍ය සේවය ස්වාධීන ආයතනයක්. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවය පාලනය වෙන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන්. ඒ වගේම රාජ්‍ය සේවයේ ජේ්‍යෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරයා සිටින්නේ ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළින්. නමුත් මේ මේක කණපිට පෙරළලා. සියඑ රාජ්‍ය සේවකයන් මේ කාර්ය සාධක බලකාය යටතට ගෙනත් තිබෙනවා. ඔවුන් දෙන නියෝග කි‍්‍රයාත්මක කළේ නැත්නම් ජනාධිපතිට මේ බව ලිඛිතව දැනුම් දෙන්නත් මේ අයට බලය දීලා තිබෙනවා. ඉතින් මේක භයානක තත්වයක්. රට මිලිටරිකරණයට ක‍්‍රමක‍්‍රමයෙන් රැගෙන යන වැඩපිළිවෙලක් වශයෙන් හදුන්වන්න පුඑවන්.

මේ කාර්ය සාධක බලකායේ සිටිනවා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, ලූතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වයිස් අද්මිරල් පියල් ද සිල්වා, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, මේජර් ජෙනරල් විජිත රවිප‍්‍රිය, මේජර් ජෙනරල් ජගත් අල්විස්, මේජර් ජෙනරල් සුරේෂ් සාලිය, මේජර් ජෙනරල් ඒ.එස්. හේවාවිතාරණ, කපිතාන් එස්.ජේ කුමාර, එයාර් කොමදෝරු එම්.ඞී.කේ. වාසගේ, නියෝජ්‍ය පොලිස්පති ටී.සී. ඒ. ධනපාල, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වශයෙන් 13දෙනෙකු යටතට රාජ්‍ය සේවය යටත් කරලා තිබෙනවා. මේ අය දෙන නියෝග රාජ්‍ය සේවය කි‍්‍රයාත්මක කරන්න ඕන. එසේ කි‍්‍රයාත්මක නොකළහොත් අතිගරු ජනාධිපතිතුමාට ඒ බව දැනුම්දෙන්නත් බලය දීලා තිබෙනවා.

මම රාජ්‍ය සේවයෙන් අහනවා මෙම නියෝග පිළිගන්න ඔබ සූදානම්ද ? ඒ වගේම කාර්ය සාධන බලකායට වගකීම් පවරලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට එය වරදක් නැහැ. ඒ වගේම සිරගෙවල් තුළ ඇතිවන යම් යම් සිද්ධීන් පිළිබදව සොයාබැලීමට, භයානකම දේ තමයි සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධී කටයුතු ගැන හොයන්න බලයක් දීලා තිිබෙනවා. මොකක්ද මේ සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධි වැඩ කියන්නේ ? ඒ ගැන පැහැදිලි අර්ථනිරූපණයක් දීලා නැහැ.

මේකෙන් පළමුව ඉලක්ක කරන්නේ මාධ්‍ය. සිවිල් සමාජය. ඒ වගේම ආගමික නායකයන් සහ ප‍්‍රකාශන සමාගම්. ඉතින් මේක අතිභයානක තත්වයක්. මේ ගැසට් පත‍්‍රය නිකුත් කරමින් රාජ්‍ය සේවය හමුදා පාලනයට යටත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්න දවසේ රාති‍්‍රයේ. මේක අපේ රටේ ව්‍යවස්ථාව කණපිට පෙරළීමක්.

තමුන්නාන්සේලාට මතක ඇති පසුගිය කාලයේ මේ අය සටන් පාඨයක් හැදුවා. විශේෂයෙන් වියත්මගේ අය සම්බන්ධ වෙලා එකම රටක් එකම නීතියක් කියලා. ඒක දැන් රටේ තියෙනවද ? දැන් තිබෙන්නේ එකම රටක් නීති දෙකක්. පසුගිය කාලයේ සිදුවු සිද්ධි දෙස බැලූවාම නිරෝධායන නීති අමුඅමුවේ උල්ලංඝණය වුණා. එදායින් පසුව කොරෝනා නැති කරන්න පත්කරපු කාර්ය සාධන බලකායේ කිසිවෙක් දැක්කේ නැහැ ඒ අය හැංගිලා. අපේ රටේ අහිංසක පුරවැසියන් පනස්දහසක් පමණ අත්තඩංගුවට ගත්තා නිරෝධායන නීති කැඩුවා කියා. නමුත් අපි දුටුවා පසුගිය දවස් වල දහස් ගණන් ජනතාව හා රජයේ ඇමතිවරුන් නිරෝධායන නීති උල්ලංඝණය කරනවා. ඉතිං එකම රටක් එකම නීතියක් තියෙනවාද කියන ප‍්‍රශ්ණය මතුවෙනවා. පාලකයාට එක නීතියක් සාමාන්‍ය ජනතාවට තව නීතියක් තමා අද දකින්න තියෙන්නේ.

මෙහිදි පැමිණ සිටි මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්ණ හා පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්ණය – මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව පිලිබද ඔබතුමාගේ අදහස ?

පිළිතුර – අධිකරණ තීන්දුව අපි පිළිගන්නවා. විශේෂයෙන් අපි අධිකරණයට ගියේ ජුනි 20 මැතිවරණය පැවැත්වීම සම්බන්ධව. අනෙක් කාරණා අපි අධිකරණයට ගිය නිසා ඉල්ලූවා. නමුත් අදටත් මගේ පෞද්ගලික විස්වාසය රටකට මාස 06ක් පාර්ලිමේන්තුව නැතුව යන්න පුඑවන්ද ? ඒකයි මම අහන්නේ.

ප‍්‍රශ්ණය – විපක්ෂය විසින් ති‍්‍රවිධ හමුදාව, සෞඛ්‍ය අංශ ඇතුඑ රාජ්‍ය යාන්ත‍්‍රණය දේශපාලන අවුලකට ඇදදමනවා යැයි චෝදනාවක් තිබෙනවා.

පිළිතුර – අපිද ආණ්ඩුව කරන්නේ ? එහෙම අවුලක් තිබෙනවා නම් ආණ්ඩුව වගකියන්න ඕන. විපක්ෂයේ කාර්යභාරය ගැන තේරුම්ගන්න ඕන. විපක්ෂය කියන්නේ ආණ්ඩුව නෙමෙයි. අඩුපාඩුකම් පෙන්වීම තමයි අපේ වගකීම. ඔබතුමාලම කියන්නකෝ දැන් පසුගිය කාලයේ නිරෝධායන නීති අමඅමුවේ උල්ලංඝනය කළා. ඒක හරිද ? ඒ සියඑදෙනාටම නීතිය කි‍්‍රයාත්මක කරන්න ඕන. මම දැක්කා යුරෝපීය රටක අගමැතිවරයෙකුට දඩ නියම කළා සිපවැළද ගැනීමක් සම්බන්ධයෙන්. රණවිරුවෙක් අසනීප වෙලා මියගියාම එක දවසින් අවසන් කටයුතු කළා. මේ වගේ දවස් 05ක් තියාගන්න පුඑවන්ද ? ඒකයි අපි කියන්නේ එකම රටක් එක නීතියක් තියෙනවද ? මාධ්‍යයේ වගකීම තමයි හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත්. ඒත් ඔය අය වැරදි දේට හරි කියා අහගන්න තමයි අපෙන් ප‍්‍රශ්ණ අහන්නෙත් උත්තර බලාපොරොත්තු වන්නෙත්.

ප‍්‍රශ්ණය – හිරගෙවල්වල අක‍්‍රමිකතා සෙවීම ගැනද මෙහි සඳහන් වන්නේ ?

පිළිතුර – වගකීම් ගණනාවක් දීලා තිබෙනවා. එකක් තමයි මත්ද්‍රව්‍ය ගැන හොයන්න. ඒකේ වරදක් නැහැ. හිරගෙවල් වල ඇතුලත හා පිටත දේවල් හොයන්න කාර්ය සාධන බලකායක් අවශ්‍ය නැහැ. එක කාලයක හිරගෙදර සියයක් විතර මැරුවනේ. ඒක නීතිපති ඉදිරියේ තියෙන්නේ. මේ විකාර. පළමුව ඒක හොයන්නයි ඕන.

ප‍්‍රශ්ණය – ඔබතුමාලා මෙයට විරුද්ධව පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවාද ?

පිළිතුර – අපි නීතිමය පියවර ගැන කල්පනා කරනවා. මාධ්‍යවේදීන් වශයෙන් ඔබතුමාලා මෙය අනුමත කරනවාද ? එහෙම වෙන්න බැහැ. රාජ්‍ය සේවය ස්වාධීනයි.

– Media unit
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.