Jun
05
කොරෝනා අස්සේ පැල්පත්වාසීන්ගේ කුසගිනි නිවන රූමත් කෙල්ල
කොරෝනා වසංගතය හේතුවෙන් රැකී රක්ෂා කටයුතු නොමැතිව මූලික අවශ්‍යතා පවා පිරිමසා ගැනීමට නොහැකිව ළතවන පැල්පත්වාසීන් 200කගේ පමණ කුසගිනි නිවීමට ජනප්‍රිය ඉන්දීය නිළි රාකුල් ප්‍රීට් සිං කටයුතු කරමින් සිටී.
සිය මවුපියන් වන කුල්වින්දර් සිං සහ රාජේන්ද්‍රන් සමඟ ඉකුත් අප්‍රේල් මාසයේ සිටම දිනපතා මෙම පැල්පත්වාසීන්ට දිනකට දෙවරක් පිසූ ආහාර පාර්සල් ලබා දීම සිදුකරන බව ඇය පවසයි.
නගරයේ වසා දැමීම් තවදුරටත් ක්‍රියාත්මක වන තාක් මෙම කටයුත්ත ඉටු කරන බවත් ඇය පවසන්නීය. මේ අර්බුදකාරී සමයේ සැවොම තමාට හැකි දේ කළ යුතු බව කියන රාකුල් පවසන්නේ අප නිවෙසට, ආහාර ආදිය ලබාගත හැකි මට්ටමක සිටින බැවින් හදිසි ආපදා තත්ත්වයකදී සමාජය වෙනුවෙන් යමක් කළ යුතු බවයි. ආහාර ලබාගන්නා විට ඔවුන්ගේ මුහුණේ මතුවන සිනහවට එහා දෙයක් මට ලබාගන්න බැහැ. මා ලබා ඇති සියල්ලට කෘතවේදීත්වය දැක්වීමට මෙය ඉතා සුළු පරිශ්‍රමයක් පමණයි රාකුල් තවදුරටත් කියන්නීය.