Jun
05
වියානා සම්මුතියට වැඩ - මෙරට කොරෝනා නීතියට පයින් ගැසූ ඇමරිකාව කියයි
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කටාර්හි සිට මෙරටට පැමිණ කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් පිටව ගිය බවට වන වාර්තා ඇමෙරිකානු තානාපති කාර්යාලය සනාත කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කරන්නේ එම නිලධාරියා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයකින් පසුව බවයි.
එමෙන්ම මෙරට තුළ නිරෝධායන කටයුතු සහ කොරෝ්නා මාර්ගෝපදේශන පිළිබඳවද දැනුවත්ව ඔහු පැමිණි බව ඇය සඳහන් කළාය.
එමෙන්ම ඇමරිකානු රාජතාන්ත්‍රික කාර්ය මණ්ඩල සංචාරයන්හි යෙදෙන්නේ රාජතාන්ත‍්‍රික සබඳතා ගැන වියානා සම්මුතියට අනුකූල බවද ඇය ප්‍රකාශ කළාය.
එමෙන්ම මෙම කාරණාවේදී තම නිලධාරියා ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව කටයුතු කර ඇතැයි විශ්වාසයෙන් තහවුරු කළ හැකි බවද ඇය කියා සිටියාය.
කෙසේ නමුත් මෙරට දැනට ක‍්‍රියාත්මක නිරෝධායන නීති තාම කිසිවෙකුට කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් එසේ ප්‍රතික්ෂේප කරන්නන් පැමිණීම රටටම හරවා යවන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.