Jun
26
පාතාල වෙඩික්කරු "කැටවල පිටියේ සම්පත්" පොලිස් වෙඩි පහරින් මරුට
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන රන්කොත් පේඬිගේ සංජීව සම්පත් නොහොත් කැටවල පිටිගේ සම්පත් ගම්පහ - මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (26) උදෑසන විමර්ශන රාජකාරියේ යෙදී සිටි මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත ක්ෂණික මාර්ග බාධකයක් යොදා අදාළ පාතාල කල්ලි සාමාජිකයා ගමන් ගත් යතුරුපැදිය නැවත්වීමට උත්සාහ කිරීමේදී නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් එම යතුරුපැදිය ලුහුබැඳ ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ දී කැටවල පිටිගේ සම්පත් විසින් පොලිසියට වෙඩි තබා තිබෙනවා.
ඊට ප්‍රතිප්‍රහාර ලෙස, පොලිසිය එල්ළ කළ වෙඩි පහරකින් අදාළ පාතාල කල්ලි සාමාජිකයා තුවාල ලබා, මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
සැකකරු විසින් වෙඩි තැබීමට භාවිතා කළ විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරය හා යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සංජීව සම්පත් නොහොත් කැටවල පිටිගේ සම්පත්, අපරාධ කල්ලිවල වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ, කොළඹ උතුර අපරාධ කොට්ඨාසය හා මල්වතුහිරිපිටිය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබනවා.
Source - මව්බිම