Jun 26

නාකොටික් සෙට් එක මත්කුඩු සොයයි - නිලධාරීන් මත්කුඩු ලබාදුන් අයුරු මාට්ටු


චෝදනා ලැබ සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිස සතුව ඇති බව කියන හෙරොයින් තොගයක් දකුණු පළාතේ රහසිගත ස්ථානයක සඟවා ඇති බවට ලැබී ඇති තොරතුරු මත එම හෙරොයින් තොගය සොයා පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

මෙම හෙරොයින් තොගයේ මුල් හිමිකරු බව කියන ගිහාන් ෆොන්සේකා නමින් හඳුන්වන පුද්ගලයා මෙරට පාතාලයේ ගෝඞ් ෆාදර් ලෙස හඳුන්වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයෙකි.

මොහු ඩුබායි දේශයේ සැඟවී සිටිමින් මහ පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වන බව විමර්ශනවලින් හෙළි වී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මෙම චෝදනා ලැබ සිටිනා නිලධාරීන් ලබාගෙන ඇත්තේ ඩුබායි සිට මෙම හෙරොයින් ජාවාරම්කරු මෙරටට එවූ හෙරොයින් තොගයෙන් කොටසක් බවට පොලිසිය සැක පහල කරයි.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට චෝදනා ලැබ සිටින පොලිස් කණ්ඩායම හෙරොයින් කිලෝග‍්‍රෑම් 90 ක් ලබාගෙන ඇති අතර ඉන් කිලෝග‍්‍රෑම් 24 ක් මේ වනවිට අලෙවි කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු නිලධාරීන් හයදෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායම මෙම හෙරොයින් තොගය ලබාගෙන ඒවා අලෙවි කිරීමට ලබාදී ඇත්තේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවකු වෙතය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතාගේ අධීක්‍ෂණයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිස පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිස වෑන් රථයකින් පැමිණ හෙරොයින් තොගය ජාවාරම්කරුට ලබා දෙන ආකාරය සහ එම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු නැවත පැමිණ ජාවාරම්කරුගෙන් හෙරොයින් තොගය රැුගෙන ගිය ආකාරය අඩංගු සීසීටීවී දර්ශන ද පොලිසිය මගින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳව මුලින්ම විමර්ශන ආරම්භ කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්‍ෂණය යටතේය.

පසුව මෙම ජාවාරම පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කළ සජීව මැදවත්ත මහතා මේ පිළිබඳ විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස ද ඉල්ලීමක් කර තිබිණි.

මෙම ජාවාරම පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර චෝදනා ලැබ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගෙන් එක් අයකු ප‍්‍රශ්න කිරීම සඳහා සිය භාරයට ගෙන ඇත.

මෙම චෝදනා එල්ල වී තිබෙන නිලධාරීන් පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙසේ චෝදනා ලැබ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උපපොලිස් පරීක්‍ෂකවරයා පසුගිය කාල සීමාවේදී මෙරට ආන්දෝලනයට ලක් වූ මහා පරිමාණ හෙරොයින් ජාවාරම් රැුසක් අත්අඩංගුවට ගත් නිලධාරියෙකි.

මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

මේ අතර හෙරොයින් ජාවාරමේ යෙදුණු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්‍ෂණයක් පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.