Jun
26
ගුවන් මගීන් නෑ. ශ‍්‍රී ලන්කන් යානා ආසන ගලවා භාණ්ඩ ප‍්‍රවාහනය අරඹයි.
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් ලොව පුරා ගුවන් සේවාවන්හි මගීන් අඩු වීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවාව භාණ්ඩ ප්‍රවාහනයට යොමුවී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් සේවාවේ ගුවන්යානාවල ආසන ගලවා ඒවායේ භාණ්ඩ ප්‍රවාහනය ඊයේ සිට ආරම්භ කර ඇත.
මෙම පළමු භාණ්ඩ ප‍්‍රහාවන ගුවන් යානාව අද දින සිංගප්පූරුව බලා භාණ්ඩ තොගයක් රැගෙන පිටත් වී ගොස් ඇත.
එමෙන්ම ඉදිරියේදී මැදපෙරදිග, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව ඇතුළු රටවලට ගමනාන්ත විස්සකට ගුවන් භාණ්ඩ රැගෙන යාමට නියමිතව තිබේ.
දැනට ලෝකය පුරා අපනයන කේෂ්ත්‍රය තුළ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන නිසා මෙම වැඩපිළිවෙළට අවතීර්ණ වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් සේවාව සඳහන් කරයි.
Source - Lanka C News