Jun
22
කරුණා අම්මාන්ට වැඩ වරදියි
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දමිල එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් එල්.ටී.ටී.ඊ. සමයේ සිදුකළ ඝාතන සම්බන්ධයෙන් සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ අනුව අදාළ ප්රකාශය පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස් ලබාදුන් අතර එම උම උපදෙස් වලට අනුව කරුණා අම්මාන්ගෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
මෙවර මහ මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්රික්කය නියෝජනය කරමින් තරඟ කරන කරුණා අම්මාන් පසුගියදා අම්පාර ප්රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී ප්රකාශ කළේ තමන්, කොරෝනා වෛරසයට වඩා භයානක බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්රියාකාරීව සිටියදී හමුදා සාමාජිකයන් දෙදහසත්, තුන්දහසත් අතර පිරිසක් ඝාතනය කළ බවත්ය.
Source - නෙත් Gossip