Jun 22

"කට්ටක් වුණත් මේක රසයි"


පුංචි කාලෙ ඉඳල රංගනයට ඇලූම් කරපු ඇය සිහින මැව්වෙත් රංගන ශිල්පිනියක් වෙන්නලූ. අහම්බෙන් ලැබුණු අවස්ථාවක් ප‍්‍රයෝජනයට අරගෙන පියවරෙන් පියවර තබමින් ඒ සිහිනය සැබෑ කර ගෙන රටක් ආදරය කරන තරුවක් වුණ ටනාෂා හතුරුසිංහ

ටනාෂා කොහොමද පසුගිය කාලෙ ගෙවුණෙ ?

දුක – සතුට දෙකට මැදිවෙලා කිව්වොත් තමයි හරි. ලෝකෙ පුරාම වගේ පැතිරෙන වසංගත තත්ත්වය නිසා අපේ එදිනෙදා කටයුතු නවත්තල ගෙදරට වෙලා ඉන්න වුණ එක ගැන දුකක් දැනුනත් ගෙදර අය එක්ක වැඩිපුර කාලය ගතකරන්න ලැබීම ඇත්තටම සතුටක්.

මේ කන කට්ට නිසා රංගනය අතහැරල රැකියාවක් කළානම් හොඳයි කියල හිතුණ අවස්ථාත් ඇති නේද?

අනේ නෑ. කට්ටක් වුණත් මේක රසයි. පුංචි කාලෙ ඉඳල හීන මවපු රැකියාව ලැබීම ලොකු භාග්‍යයක් කියලයි මම හැම වෙලාවෙම හිතන්නෙ. අනික රංගනය කියන රැකියාව නිසා අපි ලබන ආදරය වෙන කිසිම රැකියාවක නිරතවෙලා ලබන්න බැහැනෙ. මේ ඉන්න අතරේ ළඟදීම මම ව්‍යාපාරිකාවක් විදියට තවත් රැකියාවක නිරත වෙන්නත් හිතාගෙන ඉන්නවා.

මේ තරම් මහන්සිවෙන්නෙ ජනපි‍්‍රයම නිළිය වෙන්නද දක්‍ෂතම නිළිය වෙන්නද ?

මම ඔය කියන සම්මාන දෙකටම එකවගේ කැමැතියි. අද දවසේ කුරුලූ විදියට මම ලබන රසික ආදරය මට ගොඩක් වටිනවා. දක්‍ෂතම නිළිය වෙන්නනම් මට තව ගොඩක් දේවල් සපුරන්න වෙනවා රංගන ක්‍ෂේත‍්‍රය තුළ.

සාධාරණය අකුරට ඉටුකරන්න පුළුවන් මොනවගේ චරිතවලට කියලද ඔබ හිතන්නෙ ?

තවම ඒ ගැන හරියටම කියන්න බෑ. මොකද මට මෙතෙක් වැඩියෙන් ලැබුණේ පෙම්වතියගෙ චරිතනෙ. ඒ හැම අවස්ථාවකම මගේ උපරිමය මම කළා. ඒත් ඉදිරියේදී ඒ චරිතයෙන් මිදිල විවිධ චරිත නිරූපණය කරන්න ලොකු ආසාවකින් ඉන්නවා.

සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්න නම් ලැබෙන හැම චරිතයක්ම බාරගන්න ඕන කියන කථාව ගැන ටනාෂා මොකද හිතන්නෙ ?

මම ඒ කථාවට එකඟ නැහැ. ගෑනු ළමයෙක් විදියටත් පවුල් පසුබිමට වගේම රටේ සංස්කෘතියට නොගැලපෙන චරිත කරන්න මම ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒ හැමදේම රැකගෙන මගේ දක්‍ෂතා පෙන්නන්න පුළුවන් චරිත නම් මම අතහරින්නේ නෑ.

සිනමාව තුළ ඔබේ ගමන ගැන කථා කළොත් ?

මේ වෙනකොට මම රංගනයෙන් දායක වුණ නලින් රාජපක්‍ෂ මහත්මයගෙ රන් දේදුන්නක් චිත‍්‍රපටය තිරගත වුණා. මම එහි රඟපාන්නෙ රොෂාන් රණවන අයියත් එක්ක. තවත් චිත‍්‍රපට තුනක් තිරගත වීමට තියෙන අතරෙ ආරාධනා කීපයකුත් ලැබිල තියෙනවා.

හොය හොයා විලාසිතා පස්සෙ යන්න වුණේ රංගන ශිල්පිනියක් වුණ නිසා නේද ?

එහෙම නෙමෙයි ඉතින් ගෑනු ළමයෙක් විදියට මමත් ආසයිනෙ විලාසිතා කරල ලස්සනට ඉන්න. ඒත් ඉතින් කවදාවත් ටෙ‍්‍රන්ඞ් එක පස්සෙ නම් යන්නෙ නෑ. විලාසිතාවකට ආස හිතුනම මට ගැලපෙනවනම් විතරයි ඒක කරන්නෙ.

කලාකටයුතු වලින් මිදුනට පස්සෙ ටනාෂාගෙ දවස ගෙවෙන්නෙ කොහොමද?

සාමාන්‍යයෙන් නිර්මාණයකට දායක වුණහම රූගත කිරීම් නිසා අපිට විවේකය ලැබෙන්නෙ හරිම අඩුවෙන්. ඒත් නිවාඩුවක් ලැබුණම මගේ සහෝදරියො තුන් දෙනයි අම්මයි එක්ක කතාබහ කරල කාලය ගතකරන එක තරම් සතුටක් මට නැහැ.

- ධම්මික හේවාවසම්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.