Jun 12

මෙවර පෙරහර නරඹන්න ජනතාවට පැමිණීම තහනම්


සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිළමේවරුන්ට උපදෙස් දෙයි.

මහනුවර දළදා මාළිගාව සහ කතරගම, දෙවිනුවර, සබරගමුව ඇතුළු දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

වාර්ෂික පෙරහර මෙවර සංවිධාන කළයුතු ආකාරය පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් අද (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය.

මෙවර කවර හෝ සිද්ධස්ථානයක පෙරහරට සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබේ. යාපනයේ නල්ලූර්, ත්‍රිකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහරට පැමිණෙන පිරිසටද මෙවර අවසර නැත.

සියලු පෙරහර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් සිදු කිරීමේ අවශ්‍යතාව කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අවධාරණය කළේය. විවිධ ප්‍රදේශවලින් පෙරහරට සහභාගීවන කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබාගත යුතු බවට ද තීරණය කෙරිණ. දිය කැපීමේ උත්සව ද අවම සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් කළයුතුය. දළදා පෙරහරේ කුඹල් සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන දින 10ම සජීවිව රූපවාහිනියෙන් විකාශය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කෙරිණි.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහත්වරු සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේ සහ දේවාලවල ප්‍රධාන බස්නායක නිලමේවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.