Jun 30

මිතුරා සමග බිරිඳව යහනේ බෙදාගෙන අවසානයේ ඔහුව මරා කෙළවර කළ මිතුදම


දඹුල්ල ඉහල ඇරැවුල ගෝනවැව ප්‍රදේශයේදී ටයර් දමා පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් තුන්දෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා දඹුල්ල මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර ඉලංගසිංහ, දඹුල්ල පොලීසියට 30 දින අවසර ලබාදී තිබෙනවා.

මතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.

පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී. එදිරිසිංහ මාතලේ කොට්ඨාසඅපරාධ අංශයේ කණ්ඩායම් නායක පොලිස් පරීක්ෂක එස් .පී .එම් තිලකවර්ධන යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් ප්‍රධාන සැකකරු සිද්ධිය වූ ස්ථානයට රැගෙන ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

එම ස්ථානයට ගිය ප්‍රධාන සැකකරු පොලීසියට කියා සිටියේ පළමු දිනයේ තම මිතුරෙකුගේ උදව්වෙන් මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් එදින ඝාතනය කිරීමට නොහැකි වූ බවයි.

මෙම මියගිය පුද්ගලයා යතුරු පැදියකින් රැගෙන විත් උදැල්ලකින් හිසට පහරදී ඝාතනය කොට මිතුරා ගෙනත් දුන් පරණ ටයර් විසි අටක් දමා සිරුරට ගිනි තැබූ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බවත් මෙම මියගිය පුද්ගලයා ද එය දැනගෙන සිටි බවද ඔහුගේ අනුදැනුම මත තිදෙනා එක්ව විකෘති ලිංගික ආශාවන් ඉෂ්ට කිරීම තමා විසින් සිදුකරන ලැබූ බවද සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් පොලිසිය ප්‍රශ්න කරමින් සිටින අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට සූදානම් යන බව පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා වැඩිදුරටත් පොලීසියට සඳහන් කොට ඇත්තේ ඝාතනය වූ තම මිතුරා 2001 වසරේ සිට ඇසුරු කරන අයෙකු බවයි.

ඔහුව ඝාතනය කොට තමන් ඔහුගේ බිරිඳ ළඟට ගොස් ලැගුම්හලක බිරිඳ සමඟ නැවතුණු බවද ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී තමන්ගේ බිරිඳටත් මියගිය පුද්ගලයාගේ බිරිඳ ටත් මෙම මිතුරා ඝාතනය කළ බව දැන් වූයේ යැයිද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

පසුගියදා දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනෙකු මාතලේ කොට්ඨාශ අපරාධ අංශය මඟින් අත්අඩංගුවටගෙන 29 රාත්‍රියේ දඹුල්ල පොලිසිය වෙත භාර දුන්නා.

දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ කැලෑවක් තුළ ටයර් දමා පුද්ගලයෙකු පුළුස්සා ඇති බව පොලිසිය සොයා ගත්තේ පසුගිය 16 වනදායි.

Source - Hiru News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.