Jun
18
ගුවනින් එන්න තිබූ පාර්සල් 42,000 ක් නැවෙන් ඇවිත් - වතුර වැදී ඇඩ්‍රස් මැකිලා
ගුවන් තැපෑල හරහා මෙරටට එවීමට නියමිතව තිබූ පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී යා යුතු ලිපින මැකීයාම නිසා ඒවායේ අයිතිකරුවන් සොයාගත නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
අද (18) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ගුවනින් එවන්න ඕන භාණ්ඩ, මුහුදෙන් එව්වාට පස්සේ, සම්පූර්ණයෙන් ලිපිනයන් ටික මැකිලා නම්, බැන්නයි කියලා මොකද කරන්නේ, කාටද බෙදන්නේ, කාටද දෙන්නේ කියලා තෝර ගන්නේ කොහොමද?“ යනුවෙනි.
තවද එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.
විදේශවලින් ලැබෙන භාණ්ඩ ගොඩගැහිලා ඒවා හොරකම් කරලා හරි නැති කරලා හරි කියලා විවිධ චෝදනා එල්ල වෙනවා. මේක අසාධාරණ චෝදනාවක්. පහුගිය කාලේ මුළු ලෝකෙම වැඩ නතර කලා. ගුවන්තොටුපලවල් වැහුවා. නැව් ආවේ නැහැ. ඒ නිසා ගුවනින් එන තැපැල් භාණ්ඩ කන්ටේනරයක් හුගිය සතියෙ එවලා තියෙනවා.
එහි විවිධ පුද්ගලයන්ගේ පාර්සල් 42,000 ක් විතර තියෙනවා. ඒ 42,000 ම ගුවනින් එන භාණ්ඩ. මුහුදෙන් ආවට පස්සේ ඒවාට වතුර වැදිලා ලිපිනයන් නැහැ කොහෙද කියලා. ඉතිං මේ 42,000 ක් ඇවිල්ලා ගොඩගැහුනම කොහොමද බෙදන්නේ, ලිපින නැත්නම්.“
Source - නෙත් Gossip