Jun 24

"එයා ළඟින් ඉන්න ඕන කාලෙදි මට එයාව අහිමි වුණා"


ඇයටම සුවිශේෂී වූ දස්කම් තුළින් කැපීපෙනෙන දක්ෂ රංගන ශිල්පිනියක් වගේම සුන්දර යුවතියක්. සිත් ඇද බැඳ ගන්නා සිනහවකින් හැමෝටම සංග්‍රහා කරන ඇය අනුරාධා එදිරිසිංහ.

මේ දවස්වල ගෙදරට වෙලා මොකද කළේ?
මේ දවස්වල ගෙදරට වෙලා විවේකයෙන් හිටියා. ගොඩක් නිදා ගත්තා. කෑම බීම හැදුවා. විශේෂයෙන් කරපු දේ තමයි ගොඩක් චිත්‍රපට බැලුවා.

මොනවගේ චිත්‍රපට ද ගොඩක් බැලුවේ?
මම එහෙම චිත්‍රපට තෝරන්නේ නෑ. හැම එකක්ම බලනවා. නමුත් මේ දවස් ටිකේ බටහිර චිත්‍රපට වගේම මලයාලම්, තෙළිගු චිත්‍රපට බැලුවා. ඒ අතරින් මලයාලම් චිත්‍රපට විශේෂ වුණා.

මේ LOCK-DOWN එක නිසා ගෑනු ළමයිට ලොකු ප්‍රශ්නයක් වුණා සැලොන් විවෘත නොවීම, ඔබ රංගන ශිල්පිනියක් විදියට ඔබේ රූපලාවණ්‍ය ගැන සොයා බැලුවේ කොහොමද?
මම කොහොමත් එහෙම වැඩිපුර සැලොන් එකට යන කෙනෙක් නෙමෙයි. නිතර නිතර hair cuts, hair color කරන්නෙත් නෑ. අනෙක් කාරණය තමයි මම මෑතකදී සම්බන්ද වුණ ගිරිදේවී සහ රාවණ යන නිර්මාණයන්ට ස්භාවිකවම ඇහිබැම තියෙන්න ඕන.
ඒ නිසා සැලෝන් යන්න අවශ්‍යතාවයක් ඇති වුණේ නෑ. සාමාන්‍යයෙන් මම hair treatment එකකට විතරයි සැලොන් එකට යන්නේ. එදිනෙදා කරගන්න පුළුවන් ඒවා ගෙදරදී තනිවම කරගන්නවා.

ඔබේ පවුලේ විස්තර ටිකක් සඳහන් කළොත්?
මගේ පවුලේ අම්මයි මමයි අයියයි, අයියා විවාහකයි, අයිය විවාහ වෙලා නිසා අයියගෙ නෝනයි බබයි ඉන්නේ අපිත් එක්. මගේ තාත්තා ජීවතුන් අතර නෑ. ඔහු නැති පාලුව හැම මොහොතකම දැනෙනවා.

පවුලෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?
මේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්න ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා.
මගේ තාත්තා ඉන්න දවස්වල නම් කලාකටයුතුවලට සම්බන්ධ වෙනවට කැමැත්තක් තිබුණෙ නෑ. ඔහු නිතරම විශ්වාස කළා ගැහැනු ළමයෙක්ට කලාව අනාරක්ෂිත තැනක් කියලා.
ඒ වගේම ඉගෙනීමේ පැත්තෙන් මම ඉස්සර යනව දකින්නයි ඔහු කැමැත්තෙන් ඉන්නේ.
ඒ වගේම මම නීතිරාමුවකට කොටුවෙලා හැදුණු ගැහැනු ළමයෙක්. විශේෂයෙන්ම මගේ තාත්තා එහෙම කරන්න ඇත්තේ ඔහු පොලිස් නිලධාරියෙක් නිසා වෙන්න ඇති. නමුත් කාලයත් එක්ක ගැහැනු ළමයෙක් නීතිරාමුවක දාගෙන හදන්න බෑ කියලා ඔහු තේරුම් ගත්තා. එතැනින් පස්සේ ඔහු මට නිදහස දුන්නා. පසුකලෙක මගේ රංගනය ගැන වැඩි වශයෙන් සතුටු වුණ පුද්ගලයා තමයි මගේ තාත්තා.

ඔබේ සිහින කුමාරයා ගැන කියන්න කැමතිද?
මම විශ්වාස කරන අන්දමට මේ ලෝකේ මට වැඩිපුරම ආදරය කරන පිරිමියා විදියට මට දැනෙන්නේ මගේ තාත්තා. තාත්තා නැති වුණාට පසුවයි මට ඒ පාළුව ගොඩක් දැනුණේ. ඒ හැඟීම වචනවලට පෙරළන්න අමාරුයි.
මේ කාලේදී මට තාත්තාව තවත් ගොඩක් දැනෙනවා. එයා මගේ ළඟ ඉන්නම ඕනේ කාලේ එයා මට අහිමි වෙනවා. මට මගේ තාත්තාගේ ආදරය කවමදාවත් අමතක කරන්න බැරිවෙයි. මට එයාව හුඟක් වටිනවා කියන එක මට හැම මොහොතකම දැනෙනවා. තාත්තා මාව ආරක්ෂා කරපු විදිය, මාව විශ්වාස කරපු විදිය, තාත්තා මට දුන්න වටිනාකම, ඒ හැමදේම මගේ ජිවිතයට එන පිරිමියාගෙනුත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මගේ තාත්තාගේ ගතිගුණ තියෙන මගේ තාත්තා වගේ කෙනෙක් හැම මොහොතකම මගේ සිත සොයනවා.

ඔබ මෙතෙක් දායක වුණු නිර්මාණයන්ගෙන් ඔබට සුවිශේෂීම වුණු චරිතය කුමක්ද?
මගේ ටෙලිනාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය “රාවණ”. එහි “පුෂ්පෝත්කතා” කියන චරිතයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. රාවණ නිර්මාණයේ අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් අයියව ගොඩක් ආදරයෙන් මතක් කරනවා. ඔහු තමයි මේ නිර්මාණයට මා සුදුසුයි කියා තීරණය කළේ. ඒ තීරණය නිවරදි බව අද මම ඔප්පු කරලා තියෙනවා.

ඔබව ඉදිරියේ දී දකින්නට ලැබෙන නිර්මාණන් ගැන මතක් කරොත්?
අලුතින් රූපගත කිරීම් පටන් ගත්ත වැඩක් තියනවා ‘බ්‍රෝ’ (bro) කියලා, ඊට අමතරව රාවණ සහ ගිරිදේවී නිර්මාණයන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මෙම නාට්‍ය දෙකට තමයි මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබෙන්නේ. බොහෝ දෙනෙක් මගේ රංගන දක්ෂතාව හඳුනගත්තේ මේ නිර්මාණ දෙකෙන්.

මම්තා විජේසිංහ
අරුණ පුවත්පත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.