Jun 27

වැලිකඩ හා මැගසින් සිරකරුවන්ට සැප දුන් හතරක් දැලේ


වැලිකඩ බන්ධනාගාරයේ සහ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සාමාජිකයන්ගේ රුව වඩවන ආලේපන, සුදු පැහැ කෙස් කළු වර්ණ ගන්වන ආලේපන, දුරකථන සහ මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ලබාදෙන සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් සිවුදෙනකු බොරැල්ල පොලිසිය මඟින් 26දා අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල සීවලි පටුමඟේ  පදිංචිව සිටින මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරමින් දිනකට රුපියල් 50,000ක වැනි මුදලක් පාතාල සාමාජිකයන්ගේ පවුල්වලින් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

ඇතැම් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ද හවුල්කර ගනිමින් මෙම ජාවාරම සිදුකරන මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් සිවුදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගේ නිවෙස් පරික්ෂා කිරීමේදී බන්ධනාගාරය තුළට යැවීමට සඳහා සකස් කර තිබූ විවිධ භාණ්ඩ සහිත පාර්සල් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත. ඒ අතර ජංගම දුරකථන 7ක්, ජංගම දුරකථන බැටරි 119ක්, ජංගම දුරකථන චාජර් 21ක්, හෙඩ්සෙට්  3ක්, කාන්තා විවිධ ආලේපන වර්ග කිහිපයක්, ශරීරයේ පැහැගන්න ක්‍රීම් වර්ග කිහිපයක්, දුම්කොළ, දුම් කුඩු සහ තවත් විවිධ මත්ද්‍රව්‍ය කිහිපයක්ද සොයා ගෙන තිබේ.

බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත මෙම විමර්ශන කටයුතු සිදු කර තිබේ.

චාමර අමරසූරිය, කමල් මහේන්ද්‍ර වීරරත්න
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.