Jun 15

තත්ත්වයෙන් බාල කහ කුඩු ජාවාරමක් අල්ලයි


කැකිරාව කොල්ලංකුට්ටිගම ප්‍රදේශයේ ඉතා රහසිගතව රාත්‍රී කාලයේ පවත්වාගෙන සහල් පිටි මිශ්‍රකර තත්ත්වයෙන් බාල කහ කුඩු නිෂ්පාදනය කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමත් වූහ.

ලද තොරතුරක් අනුව කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ මෙම වැටලීමට කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ද සහය දක්වා තිබිණ.

කොල්ලංකුට්ටිගම ප්‍රදේශයේ ඇඹරුම් හළක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබින. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදුකළ එම වැටලීමේදී  ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද එහි නිෂ්පාදනය කර තිබූ බාල තත්ත්වයේ කහකුඩු තොගයක් ද ඒවා නිෂ්පාදනය කිරීමට යොදා ගත් අමුද්‍රව්‍ය තොගයක් ද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකළ වැටලීමේදී එම ඇඹරුම් හලේ තිබී සෞඛ්‍ය පරීක්ෂවරුන් භාරය ගෙන ඇති ද්‍රව්‍ය අතර වියළී කහ කැබැලි කිලෝ 05 ක්, සහල් මිශ්‍රිත වියළි කහ කැබැලි කිලෝ 09ක්, කහ කුඩු කිලෝ 24ක්, සහල් පිටි මිශ්‍රිත කහ කුඩු කිලෝ 37යි, කැකුලු හාල් කිලෝ 50ක්, කැකුලු හාල් පිටි කිලෝ 07ක් ද වේ.

ජාවාරම සදහා යොදා ගත් ඇඹරුම් හළද මුද්‍රාතැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම අවස්ථාවේදීම කටයුතු කරනු ලැබීය.මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා කොල්ලංකුට්ටිගම හා ගනේවල්පොල යන ප්‍රදේශවල පදිංචිකරු වෝ වෙති.

මේ දිනවල පවතින කහකුඩු හිගයත් සමග එම සැකකරුවන් විසින් තත්ත්වයෙන් බාල කරන ලද කහකුඩු නිෂ්පාදනය අරඹා ඇති බවත් ඔවුන් ඒවා මේ වනවිට ප්‍රෙද්ශයේ ව්‍යාපාරික ස්ථානවෙත හෝ පාරිභෝගිකයින් වෙත අලෙවි කර ඇත්දැයි යන්න සොයා බැලීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැඩිදුරටත් විමරශණ සිදුකරමින් සිටී.

මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් සැකකරුවන් දෙදෙනා දන්වන දිනයේ අධීකරණයේ පෙනී සිටීමේ කොන්දේසිය මත බැදුම්කර දෙකක් මත මුදා හැරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.

ආහාර පනත යටතේ චෝදනා ගොනුකිරීමෙන් පසුව අත්අඩංගුවටපත් සැකකරුවන් හා නඩුභාණ්ඩ කැකිරාව දිසා/මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කවිරාජ් කරුණාවරධන මහතාගේ උපදෙස් අනුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත කරුණාතිලක මහතාගේ මෙහෙයවීම යටතේ මරදන්කඩවල හා කැකිරාව කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන අනුර සෙනවිරත්න හා සංජය වරණසූරිය යන මහත්වරුන්ද රියදුරු කපිල තෙන්නකෝන් ඇතුලු නිලධාරීහු පිරිසක් අදාළ වැටලීම සිදුකළහ.

මඩාටුගම ප්‍රසංග ඒකනායක
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.