Jun 15

රටේ සංවර්ධනය සඳහා පොළි අනුපාතය තනි ඉලක්කමට ගත යුතුයි


තමන්ගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසිවිටක තමන් බැංකු වලට උපදෙස් ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ලංකා බැංකුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් අද පැවති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා කියා සිටියේ ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මුල්‍ය සහන ලබාදීමට රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බවයි.

ණය සඳහා ඉලක්කම් 02 ක පොළියක් අය කිරිමෙන් රටක අපේක්ෂා ඉටුකළ නොහැකි බවත් එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙන ඒමෙන් සංවර්ධනය සඳහා දායකවිය හැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

අද පවතින තත්ත්වයට ලෝකයේ කිසිදු රටක් මෙතෙක් මුහුණ දී නොමැති බව පැවසූ ජනාධිපතිවරයා ඉන් මිදීමට පැරණි රටාවෙන් ඔබ්බට සිතිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථිකය නගා සිටුවිම සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් පමණක් සිදුකළ නොහැකි බවද කියා සිටියා.

ජනතාව තමන්ට ලබාදී ඇති බලය ක්‍රියාත්මක කරමින් සමස්ථ රට වැසියාගේ අපේක්ෂා ඉටු කිරිමට පසුබට නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. එය කිසිසේත් දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බවත් එයට බාධා කරන නම් සුදුසු පියවර ගැනීමට පසුබට නොවන බවද කියා සිටියා

Source - නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.