Jun 27

දෙවන කොරෝනා රැල්ල සමග මිලියන ගණනක් පුද්ගලයින් මිය යා හැකි


නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ලොව රටවල් රැසක යලි ව්‍යාප්තවීම ඇරඹි ඇති බැවින් මිලියන ගණනක් ජනතාව ඉන් මිය යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

1918 වර්ෂයේදී ලොව පුරා පුද්ගලයින් මිලියන 50 කට අධික පිරිසකගේ ජිවිත බිලි ගනිමින් ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ ව්‍යාප්ත වූ ආකාරයට සමාන ලෙස කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදුවෙමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රානේරි ගුවේරා ප්‍රකාශ කර සිටියේ.

අමෙරිකාව, යුරෝපය, ලතින් අමෙරිකානු රටවල සහ ඉන්දියාව තුල නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙම අනතුරු ඇඟවීම සිදු කරනු ලබන්නේ.

මේ වන විට ලොවපුරා මිලියන 9.8 ක පුද්ගලයින් නව කොරෝනා වෛරසයට ගොදුරුවී ඇති අතර මියගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 494,077 ක් වනවා.

Source - නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.