Jun
27
සියලු බන්ධනාගාර නිළධාරීන්ගේ වත්කම් සොයා බලන්න තීරණයක්
බන්ධනාගාර නිළධාරීන්ගේ වත්කම් සොයා බැලීමට රජය තීරණය කර ඇත. ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට සුපිරි නිවාස, මහල් නිවාස සහ සුපිරි මෝටර් රථද ඇතැමුන්ගේ දූ දරුවන් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන බවට ද රජයට තොරතුරු ලැබී තිබුණි.
මෙයට කලකට පෙර මීගමුව බන්ධනාගාරයේ සිටි ජේලර්වරයෙක් සහ පවුලේ අය ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටින අතර ඔහුට සහාය වී ඇත්තේ එම බන්ධනාගාරයේ සිටි ස්විස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව අනාවරණය වි ඇත.
බන්ධනාගාර තුළට සිම් කාඞ්පත් ගෙනෙන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට රජය තීරණය කර තිබියදීත් මැගසින් බන්ධනාගාරය තුළදී සිම් කාඞ්පත් 14 ක් හමුවී ඇත.
‘‘මෙතෙක් බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් ගැන විමර්ශන සිදු වූයේ නැහැ. ඔවුන්ගේ ජංගම දුරකථන තැටි තබන ස්ථාන ගැනද පරීක්ෂණ සිදුවී නැහැ යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
Source - නෙත් Gossip