Jun 12

රුපියල් 5000 නෝට්ටුවක් සමඟ අගමැතිට ආ ලිපිය


රුපියල් පන්දහසක නෝට්ටුවක් අමුණන ලද ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට  තැපෑලෙන් ලැබී තිබෙනවා. එහි කවරයේ ‘‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’’ යනුවෙන් සඳහන්ව තිබූ බවයි වාර්තා වුනේ.

ඒ අනුව මෙම ලිපිය ආරක්ෂක නිලධාරීන් විසින් අගමැතිවරයාට ලබා දී ඇති අතර එහිදී හෙළි වී තිබුණේ එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ පදිංචි අසූහය හැවිරිදි එස්.බී. හේවාහැට නම් පුද්ගලයකු විසින් එවා ඇති බවයි.

හිටපු ගම් සභා නියෝජිතකයකු වන එස්.බී. හේවාහැට සිය ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුනේ එම රුපියල් පන්දහස කොවිඩ් 19 අරමුදලට බැර කරන ලෙසයි.

එසේම අදාල ලිපියෙහි ඔහු මෙසේද සඳහන් කර තිබෙනවා.

‘‘දැනට අසූහය වැනි වියේ පසු වන අයෙකි. මට ඇවිදින්නට බැරිය. රෝගීව ඇඳේ සිට ලියමි. උදා වී ඇති භයානක අවස්ථාවේ දී රටේ ආර්ථිකය බිඳ වැටී තිබියදී ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමය මවිතයට කරුණකි. කෙසේ වෙතත් ​​කොරෝනා අරමුදලට මේ මස රුපියල් පන්දහස බැර කර මාද ඒ පිංකමට සහභාගි කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි.’’

ඒ අනුව අදාල ලිපිය කියැවීමෙන් අනතුරුව සිය ලේකම් ගාමිණී සෙනරත් කැඳවූ අගමැතිවරයා එම මුදල ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

Source - නෙත් Gossip
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.