Jun
12
අවුරුදු 11 දරුවා ගෙවත්තේම ළිඳට වැටී මිය ගිය හැටි
මුලතිව් දේවීපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු එකොළහක පාසල් සිසුවෙකු ඔවුන්ගේම ගෙවත්තේ ළිදකට වැටී ඊයේ (11) සවස මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් දේවීපුරම් වලිපුනම් විද්‍යාලයේ ඉගෙණුම ලබන වඩිවේල් විනූජන් නැමති සිසුවායි.
ඔහු තවත් ළමයින් පිරිසක් සමග හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටියදී ඔහු ළිදට වැටී ඇතත් ඒ බව කිසිවෙකුත් දැන නොසිට ඇති බවයි වාර්තා වන්නේ.
බොහෝ වේලාවක් ඔහු අතුරුදහන් නිසා ඔහු ගැන සොයා බලන විට සිසුවා ළිදට වැටී මියගොස් සිටි බව අසල්වාසීන්ට දැක ගැනීමට ලැබී තිබෙනවා.
වහාම ඔහුව ළිදෙන් ගොඩගෙන මුලතිව් පුදුකුඩීඉරිප්පු රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව රෝහලේ විද්‍යවරු ප්‍රකාශ කොට ඇති අතර මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
Source - මව්බිම