Jun 10

ජාතික රෝහලේ පඩි සල්ලි කොල්ලකෑ විශේෂඥ පුහුණුව ලබන ‍දොස්තර


කොළඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැඟිල්ල ඉදිරිපිට පිහිටි සරප් අංශයේ තිබූ රුපියල් ලක්ෂ 79කට අධික මුදලක් සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කොල්ලකා පලා යමින් සිටි විශ්ෂඥ පශ්චාත් උපාධි පුහුණුව ලබමින් සිටින වෛද්‍යවරයකු කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියකගේ සහායෙන් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනකු විසින් ඊයේ (09දා) අත්අඩංගුවට ගන්නා ලදී.

කොළඹ ජාතික රෝහලේදී වසර තුනක පමණ කාලයක් සේවය කළ මෙම වෛද්‍යවරයා ඉකුත් 01 වැනිදා සේවා ස්ථාන මාරුවක් ලැබ අනුරාධපුර රෝහලට ගොස් තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය වෘත්තියට පිවිසි ඔහු දැනට කොළඹ වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධි පාඨමාලාව හදාරමින් සිටින බවද අනාවරණය වී ඇත.

වසර අටක පමණ සේවා කාලයක් බෝධිනාරායනලාගේ හරේන්ද්‍ර කුමාර (34) නමැති වෛද්‍යවරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.

ඔහු හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවත් ඔහු දැනට කොළඹ කොටා පාරේ තාවකාලිකව පදිංචිව සිටින බවත් පොලිසිය කියා සිටී.

ඔහුගේ බිරිය මාලිගාවත්ත වකුගඩු රෝහලේ හෙද සේවයෙහි නියැළෙන අතර සැකකරු පවසා ඇත්තේ තමා මානසික අවපීඩනයෙන් පෙළෙන බවය.

කෙසේ වෙතත් ඒ බව වෛද්‍ය පරීක්ෂණයකින් පසුව තහවුරු කර ගත යුතු බවද පොලිසිය කියා සිටී.

සැකකාර වෛද්‍යවරයා බොරු කොණ්ඩයක් දමා ලොකු බෑගයක් සහ සෙල්ලම් පිස්තෝලයක් අතැතිව සරප් අංශය වෙත ඊයේ (09දා) පස්වරු 1.30 ට පමණ කඩා වැදී ඇත.

එම අවස්ථාවේදී එහි සේවකයන් හයදෙනකු පමණ සිට ඇති අතර ඔවුන් තම ආහාර ගැනීම සඳහා සූදානම් වෙමින් සිට ඇති බවද පොලිසිය පවසයි. ඒ අවස්ථාවේ රෝහල් කාර්යාල මණ්ඩලයට ගෙවීමට අදාළව රුපියල් කෝටියක පමණ මුදලක් ලාච්චුවල තිබී ඇත.

පිස්තෝලයක් අතැතිව කඩා වැදුණු මෙම වෛද්‍යවරයා කෑමට සූදානම්ව සිටි එහි සේවකයන් දණගස්වා මෙම මුදල් තොගය ඔහු විසින් ගෙන ආ බෑගයට දමාගෙන පලාගොස් තිබේ.

එහිදී මෙම සිද්ධිය දුටු රෝහල් සේවකයකු හොරෙක් හොරෙක් යැයි පවසමින් මොහු පසුපස ලුහුබැඳ ඇත.

මේ අවස්ථාවේ එහි යොදවා සිටි රාජ්‍ය බුද්ධි සේවා ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මොහුව ලුහුබැඳ ගොස් ඇත.

පසුව වෛද්‍යවරයා ත්‍රිරෝද රථයක නැඟී පලාගොස් ඇති අතර ආධුනික පොලිස් නිලධාරිවරුන් දෙදෙනා සහ රෝහල් සේවකයාද ත්‍රිරෝද රථයක නැඟී සැකකරුව ලුහුබැඳ තිබේ.

කේරි විද්‍යාලය අසල මාර්ග ආලෝක සංඥාවකදී සැකකරු පලාගිය ත්‍රිරෝද රථය නවතා ඇති අතර ඉන් පැන ගත් සැකකරු පුංචි බොරැල්ල දෙසට පලාගොස් ඇත.

එම ප්‍රදේශයේදී රාජ්‍ය බුද්ධි ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සහ රෝහල් සේවකයා සැකකරුත් සමඟ පොරබදා තිබේ.

පිස්තෝලයක් අතැතිව සිදුවන මෙම සිද්ධිය දුටු වෙනත් කටයුත්තක් සඳහා මාතර සිට කොළඹට පැමිණෙමින් සිටි මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නොබියව ඒ අසලට පැමිණ ඇත. නිල ඇඳුමින් සැරසී සිටි ඇය සැකකරු සිය ග්‍රහණයට ගෙන රාජ්‍ය බුද්ධි නිලධාරීන් සමඟ මරදාන පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.

මෙම වීරක්‍රියාව ආරංචි වීමත් සමඟ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මෙම නිලධාරීන් ඇගයීමටද කටයුතු කර තිබේ.

මෙම වෛද්‍යවරයා විසින් මෙම කොල්ලය සැලසුම්කොට සිදුකර ඇති බවද පොලිසිය සැක පළකරයි.

මෙම වෛද්‍යවරයා රුපියල් ලක්ෂ විසිපහක පමණ මුදලක් ණය වී ඇති බවද වාර්තා වේ.

බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය මත කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් විජේසුන්දර මහතාගේ මෙහෙයවීම මත මීට අදාළ විමර්ශන කෙරේ.

Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.