May 27

නාඩු සහල් 90 ඉවතට.. අලුත්ම මිල සීමා මෙන්න..!


සහල් සඳහා නවතම මිල සීමාවන් නිකුත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 96කටත්, සම්බා කිලෝවක් රුපියල් 98කටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 125කට උපරිම මිල නියම කර ඇත.

මෙරට ප්‍රධාන පෙලේ සහල් ව්‍යාපාරිකයන් සමඟ පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරය ඩඩ්ලි සිරිසේන මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.

පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීමේ පටු චේතානාවෙන් බැහැරව, පාරිභෝගික සේවා අධිකාරිය මඟින් පැණවූ සහල් මිල හේතුවෙන් අසරණ වූ ගොවි ජනතාව ඇතුලු කුඩා පරිමාණ මෝල් හිමියන් වෙනුවෙන් දිගින් දිගටම හඬක් නැගූ මා ඇතුලු ප්‍රගතිශීලී ජනතාවගේ හඬට වටිනාමක් ලබාදුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට මාගේ භක්ත්‍යාදරය මෙයින් පිරිණමනු කැමැත්තෙමි.

අද දින මහා පරිමාණ මෝල් හිමියන් සහ ජනාධිපතිවරයාගේ පාර්ශවය ඇතුලු රජය නියෝජනය කරමින් පැමිණි බළධාරීන් අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, දෙපාර්ශවය අතර අතිකරගත් එකඟතාවය පරිදී ඉදිරියේදී සහල් මිල ගණන් මෙලෙස සංශෝධනය කිරීමට ඔවුහු කැමත්ත පළ කල බව දන්වමි.

• නාඩු සහල් – රුපියල් 96/=
• සම්බා සහල් – රුපියල් 98/=
• කීරි සම්බා සහල් – රුපියල් 125/=

රටට බත සපයන සමස්ත ගොවි ජනතාව සම්බන්ධයෙන් සහ දිවයින පුරා ඇති දෙහසකට ආසන්න කුඩා මෝල් සම්බන්ධයෙන් සංවේදී වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කෘෂිකාර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සහ තිරය පසුපස හිඳිමින් මෙම ක්‍රියාන්විතයේ මිනිස් දම්වැල ශක්තිමත් කරන්නට පාදම සැකසූ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මෙහි ගෞරවය පිරිණමමි.

එමන්ම මෙම ජයග්‍රහණයේ සැබෑම හිමිකරුවන් වන රටට බත සපයන ගොව් ජනතාව වෙනුවෙන්ද අවසාන වශයෙන් මාගේ ශීර්ෂ ප්‍රණාමය මෙයින් පුදකර සිටිමි. තවද මෙම ගැටලුව පැණගැගි පළමු දිනයේ සිටම මා වටා හිඳිමින්, රටේ ගොවි ජනතාව වෙනුවෙන් සහ දේශීයත්වය වෙනුවෙන් හඬක් නැඟූ ගෞරවනීය සංඝරත්නය ඇතුලු සමස්ත ලක්වාසී ඔබ සැමටද කෘතවේදීත්වය මෙයින් පළකරනු කැමැත්තෙමි.

ඔබ සැමට තෙරුවන් සරණයි.

– ඩඩ්ලි සිරිසේන FB
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.