May 26

කොටකෙතන තිදරු පියා ඝාතනයේ සුලමුල හෙළිවෙයි


කහවත්ත කොටකෙතන ඕපාත මාර්ගයේ නිවෙසක 42 හැවිරිදි තිදරු පියාකු ඝාතනය කිරීම ගැන ඔහු සමග හැදී වැඩුණු සොහොයුරාත් එම පුද්ගලයාගේ බිරිඳත් කහවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීමත් සමග ඝාතනයේ සුලමුල සොයා ගත් බව කහවත්ත පොලිසිය පවසයි.

පසුගිය කාලයේ කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ සිදුවූ මිනීමැරුම් සහ මෙම සිදුවීම අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද ප‍්‍රදේශයේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නැති බව ද පොලිසිය අවධාරණය කළේය. ඝාතනය කෙරුණු පුද්ගලයාගේ මව සහ පියා විසින් දරුකමට හදා වඩාගත් තැනත්තකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මියගිය අයත් සැකකරුත් එකම පවුලේ සොහයුරන් ලෙස කුඩා කල සිටම ජීවිත් වී ඇති අතර ඔවුන් අතර මීට පෙරදී කිසිඳු ආරවුලක් නොතිබූ බව ද පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සැකකාර 25 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ 21 හැවිරිදි බිරිඳ ඝාතනයට ලක්වූ අයගේ නිවසට පැමිණ ඉකුත් 19 වැනිදා රාත‍්‍රි එහි නතර වී තිබේ. එදින රාත‍්‍රි ඝාතනයට ලක්වූ අය තම බිරිඳ දූෂණය කිරීමට උත්සාහ ගත් නිසා බිරිඳ බේරා ගැනීමට පහරදුන් බව සැකකරු පොලිසිය ට ප‍්‍රකාශයක් කර තිබේ.

මෙම ඝාතනය සිදු වෙන අවස්ථාවේදී මියගිය අයගේ බිරිඳ සහ දරු තිදෙනා නිවසේ නොසිටි බව පොලිසිය පවසයි. පසුගිය 22 වැනිදා කහවත්ත පොලිසියට මියගිය අයගේ බිරිඳ පැමිණිලි කර තිබුණේ තම සැමියා නිවසේ නැති බවත් නිවසේ වැසිකිළි වළ දෙසින් දුගඳක් හමන බවත්ය. වැසිකිළි වළේ කොටසක් කඩා සැමියාගේ සිරුර ඒ තුළට දමා ඇතැයි විශ්වාස කරන බවත් ඇය කියා තිබේ.

ඒ අනුව මිනිස් සිරුරක් වැසිකිළි වළේ ඇතැයි පොලිසිය විසින්් සොයා ගැනීමෙන් පසු සිරුර ගොඩ ගැනීමට කටයුතු කෙරුණි. එම්. ඒ. නිස්ශංක නම් කහවත්ත, කොටකෙතන, ඕපාත මාර්ගයේ ලිපිනයේ පදිංචි අයගේ සිරුර 22 වැනිදා ගොඩ ගැනුණි.

මියගිය අයගේ බිරිඳ සහ දරුවන් ඉකුත් 18 වැනිදා සිට දින තුනක කාලයක් නිවසේ නොසිටි බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. බිරිඳ ඇයගේ ගොඩකවෙල ප‍්‍රදේශයේ පිහිටි මහ ගෙදර ගොස් සිට ඇති බවත් පොලිසිය පවසයි. තමන් ඉකුත් 20 වැනිදා යළි පැමිණෙන විට තම සැමියා නිවසේ නොසිටි බවත් ඔහු කොළඹ ප‍්‍රදේශයේ පිහිටි වැඩ පොළට යන්නට ඇතැයි සිතූ බවත් මියගිය තැනත්තාගේ බිරිඳ පොලිසිය ට ප‍්‍රකාශ කර තිබේ. වැසිකිළි වළෙන් දුගඳක් හමන බවට මුලින්ම පවසා ඇත්තේ මියගිය තැනත්තාගේ සොහොයුරියක විසිනි. ඒ ඉකුත් 22 වැනිදා ය. සිද්ධිය වූ දින ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අරන් හදාගත් සොහොයුරා සහ ඔහුගේ බිරිඳ මෙම නිවසට පැමිණ සිටි බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සැකකරු පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ ඝාතනය කෙරුණු නිශ්සංක තම බිරිඳට අතවර කිරීමට පැමිණි නිසා බිරිඳ බේරා ගැනීමට පහර දුන් බවයි.

නිශ්සංක මරණයට පත්වීමෙන් පසු ලේ තැවරුණු ස්ථාන සැකකරු විසින් සෝදා පිරිසිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සැකකරුගේ 18 හැවිරිදි බිරිඳ සිද්ධිය වූ නිවෙසින් එදින රාත‍්‍රි පිටත්ව ගොස් ඇති අතර ඝාතනය කෙරුණු පුද්ගලයා වැසිකිළි වළට දමා සැකකරු පසුදින එම නිවෙසින් පිටත්ව කහවත්ත කෙටේතැන්නේ මහ ගෙදරට පැමිණ තිබේ.

එහි සිටියදී සැකකරු සහ ඔහුගේ 21 හැවිරිදි බිරිඳ කහවත්ත පොලිසිය විසින් 23 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.

පැල්මඩුල්ල වැඩබලන මහෙස්ත‍්‍රාත් සරත් පිටගම්පොල මහතා සිද්ධිය වූ නිවෙස වෙත පැමිණි ස්ථානීය පරීක්ෂණය පැවත්වීය. කහවත්ත පොලිසියේ ස්ථානාධිපති අතුල පෙරේරා මහතාගේ මෙහයවීමෙන් පරීක්ෂණ සිදු වෙයි.

රත්නපුර සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර මහතා ද සිද්ධිය වු ස්ථානයට පැමිණ පරීක්ෂණ මෙහෙය වීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.