May 20

වට්ස්ඇප් වීඩියෝ සිද්ධියට කාවින්ද හරීන් ගැටෙයි


තම ප්‍රතිරූපයට හානි වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ට හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා බාධා කළ බව එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසීය.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් තමා පොලිසියට කළ පැමිණිල්ලේ මල්ෂා කුමාරතුංගගේ නම සඳහන් නොකළ බව කී කාවින්ද ජයවර්ධන හිටපු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
‘‘යම්කිසි අසභ්‍ය වීඩියෝවක මම පෙනී සිටින බව සමාජ මාධ්‍ය ජාලවල පැතිරුණා. මේ පිළිබඳව මම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කළා. එම පැමිණිල්ලට අදාළව මුලින්ම ගායක ඉරාජ් වීරරත්නගේ නිවසට නිලධාරීන් ගිහින් තිබුණා. ඒ එම වීඩියෝව ඉරාජ්ගේ නංගි ළඟ තිබුණ නිසා. ඇය කියලා තිබුණා ඇයට එම වීඩියෝව එව්වේ හිටපු පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග කියලා.

මල්ෂා කුමාරතුංගගේ ලිපිනය ලෙස සඳහන් වෙලා තියෙන කොළඹ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකට නිලධාරීන් ගිය පසු ඒ නිවසේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පැමිණ නිලධාරීන්ට බාධා කරලා තියෙනවා. ඉන්පසු අධිකරණ නියෝගයක් අනුව මල්ෂා කුමාරතුංග ඇයගේ පෞද්ගලික ජංගම දුරකථනය කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුන්නා.’’​

මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියකු පැවසුවේ අදාළ නිලධාරීන් ගොස් ඇත්තේ නියමිත ලිපිනයට බවත්, කොළඹ අපරාධ කොට්ඨාසයට හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා පවසන ආකාරයේ අතපසු වීමක් කිසිසේත්ම සිදුවිය නොහැකි බවයි. ඉදිරි විමර්ශනවලට අදාළව කරුණු අනාවරණය වීමත් සමගම සියලු තොරතුරු මාධ්‍යයට ලබාදෙන බවද ඔහු කීවේය.

තමාට එල්ල වන චෝදනාව පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දුගෙන් කළ විමසීමේදී, ‘‘ඔය කියන ලිපිනය අයිති මට. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අය මගේ ගෙදරට ඇවිල්ලා මගේ ගෙදර නැති කෙනෙක් ගැන විස්තර අහනවා. වරෙන්තුවක් නැතුව ගෙවල් සෝදිසි කරන්න දෙන්න බෑ. මේ සිදුවීම පිළිබඳව මම මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්නත් බලාපොරොත්තු වෙනවා’’ යැයි කීවේය.

මේ පිළිබඳව විමසීමට මල්ෂා කුමාරතුංග සම්බන්ධ කරගැනීමට අප දැරූ උත්සාහය ව්‍යර්ථ වූ අතර, ඇයගේ පියා වන ජීවන් කුමාරතුංග පැවසුවේ ඇයගේ දුරකථනය පොලිස් භාරයේ පවතින නිසා ඇයව සම්බන්ධ කරගත නොහැකි බවයි.

– කලණ වීරසිංහ (අරුණ)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.