May 20

සැඩ පහරට ගොදුරුව අවසන් ගමන් ගිය හර්ෂණී ගමක්ම හඬවයි


අධික වර්ෂාවත් සමඟ රත්නපුර බැරැන්ඩුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදරු මවක් හා වේවැල්වත්තේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නව හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇති බවද වාර්තා වනවා.
මෙසේ මියගොස් ඇත්තේ රස්මික චමින්ද සහ ලෙල්ලුපිටිය බැරැන්ඩුව පදිංචි ඩබ්ලිව්. ඒ. එම්. හර්ෂණී නැමති 30 හැවිරිදි දෙදරු මවක්.

පස්කන්ද නිවස මතට එනවාත් සමඟ රස්මික සහ මව නිවසේ සිට ඇති අතර මව නිවසින් පිටතට ගියත් දරවාට යාමට හැකිවී නැහැ.

මේ අතර ඊයේ (19) රාත්‍රී කාලයේ සිට ඇද හැළුණු මහවැසි හේතුවෙන් කළුගඟේ ජල මට්ටම රත්නපුර මුවගම ජලමාපකයේ මීටර් 7.50 (අඩි 24 අඟල් 7) සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ නිසා රත්නපුරට සුළු ගං වතුර තත්ත්වයක් ඇති වී ඇති අතර පහත්බිම් සියල්ල ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මහ වැසි හා තද සුළං හේතු කොටගෙන කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති අතර නිවාස 85කට හානි වී ඇතැයි කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ඊයේ (19) සඳහන් කළා.

කුඩා ධීවර යාත්‍රාවක් පෙරේදා මුහුදේ පෙරැළීමෙන් මියගොස් ඇත්තේ මග්ගොන පදිංචිව සිටි ඇන්ටන් බැස්ටියන් ප්‍රනාන්දු සහ නිරෝෂන් ජයසූරිය යන දෙදෙනා යි.

මදුරාවල නිවාස 13කටද, බුලත්සිංහල නිවාස 10කටද, අගලවත්ත නිවාස 5කටද, ඉංගිරිය නිවාස 4කටද, බේරුවල නිවාස 2කටද, හොරණ නිවාස 6කටද, බණ්ඩාරගම නිවාස 2කටද, ‍ෙදාඩම්ගොඩ නිවාස 3කටද, කළුතර නිවාස 1කටද, මිල්ලනිය නිවාස 22කටද, වලල්ලාවිට නිවාස 6කට හා මතුගම නිවාස 11කටද අලාභහානි සිදුවී ඇති බවට ඊයේ (19දා) දහවල් වන විට කළුතර දිසා ලේකම් කාර්යාලයට වාර්තා වී තිබෙනවා.

මෙම ආපදා තත්ත්වය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 46කට අයත් පවුල් 85ක පුද්ගලයන් 311 දෙනෙක් පීඩාවට පත්වී සිටිනවා.

Source - ලංකාදීප සහ මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.