May 24

රට වටේට තියෙන ඩොලර් කන්ද ගෙට ගන්න රහස්


ඇවන්ගාර්ඞ් සමාගම ගැන අහපු නැති කෙනෙක් ලංකාව තුළ නොසිටින තරම්නේ. ඒ වගේම, මේ සමාගම පිළිබඳව මොන විදිහේ කතිකාවතක් සමාජය තුළ නිර්මාණය වී තිබුණත් තනි සමාගමක් විදිහට ලංකාවට උපයල දීපු විදේශ විනිමය ප‍්‍රමාණයත් එහි සේවකයන්ට ගෙවූ පඩිනඩි පිළිබඳවත් සිතා බලන කල එමගින් රටට ගලාගෙන ආපු ඩොලර් ගංගාව අති මහත් කියන එක අවිවාදාත්මක කාරණාවක්.

මෙන්න මේ ප‍්‍රමාණයේ බිස්නස් කීපයක් ගැන කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉදිරි සති කීපයක් පුරාම දිගහැරෙන්නට නියමිත දිගු කතාවකට පුංචි ප‍්‍රවේශයක් මේ විදිහට ලබාගනිමු.

මේ දිගු කතාව පටන් ගන්න කලින්ම කියන්න ඕනේ, අදින් ඇරඹෙන මේ විශේෂාංග ලිපි පෙළට පාදක වන්නේ වසර ගණනාවක් තිස්සේ මා භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවල වෙළෙඳ නාවික නිලධාරියෙකු (Navigation Officer) ලෙස සේවය කරමින් ලොව පුරා රටවල් රැසක සංචාරය කිරීමෙන් ලද අත්දැකීම් සහ ඉන්පසුව ශ‍්‍රී ලංකා වරාය සහ නාවික අමාත්‍යාංශයේ නෞකා සමීක්ෂකවරයකු (Marine Surveyor) ලෙස ලැබූ අත්දැකීම්වලත් සංකලනයක් බව.

 ඒ වගේම, මාගේ උසස් අධ්‍යාපන කටයුතු සහ විවිධ පුහුණුවීම් සඳහා ලෝකයේ විවිධ රටවල ගත කළ කාලයන්හිදී, ලැබූ විවිධ විදේශික ඇසුරු, ඔවුන් සහ ඔවුන්ගේ ආයතන ප‍්‍රධානින් යම් යම් අවස්ථාවන්හිදී ගත් තීරණ, ඒ තීරණ ගත ක‍්‍රමවේදය, ඒ ඒ රටවල ඒ ඒ කාලවලදී පැවතුනු ආණ්ඩු ඒ ඒ ප‍්‍රශ්න දිහා බලපු ආකාරය, මෙන්න මේ වගේ දේවලූත් ඉදිරි ලිපි තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

 ඇත්තටම කිව්වොත් එවැනි අනුරූපී අවස්ථාවලදී ලංකාවේ අපි කරපු/ කරන්න ගිය දේවල්, තීරණ ගත්ත ආකාරය, ඒවා සමාජයේ පහළම ස්ථරයේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා බලපාපු ආකාරය සංසන්දනය කරන්නත් අදහස් කරනවා.

 ඉතින් මේ මොනවා කරන්නත් අවශ්‍ය පදනමයි අද මේ පළමු ලිපියෙන් ඉදිකරගෙන යන්නේ.

 හරි, පසුබිම් කතාව පැහැදිලි වෙන්න ඇතිනේ! දැන් ඉතින් මුලින්ම මේ අප‍්‍රභංශ මාතෘකාව පොඞ්ඩක් ලිහලා දිග ඇරලා ඉන්නම්.

 ‘මොකක්ද මේ අලූත් ලෙඬේ?

 කොරෝනාවටත් වඩා දරුණුයි ද ඇත්තටම???

 මම නම් කවදාවත් අහලම නෑනේ මේ ලෙඬේ ගැන. කොහෙන්ද පටන් ගත්තේ? ඒකත් චීනෙන්මද?

 ලංකාවටත් ඇවිත්ද? බේතක් තියෙනවද?

 නමේ හැටියට නම් වෙරළාසන්නව ජීවත් වෙන මිනිස්සුන්ට හරි මුහුදු යන නාවිකයන්ට හරි ධීවරයන්ට හරි හැදෙන ලෙඩක් වගෙයි.’

 මෙන්න මේ වගේ උභතෝකෝටික ප‍්‍රශ්න රාශියකින් ඔබ මේ වනවිට දැවෙනවා ඇතිනේ. ඇත්තටම මේ කතාව ටිකක් ගැඹුරු එකක්. ටිකෙන් ටික පැහැදිලි කරගනිමින් ඉස්සරහට යමු.

 මෙහිදී මේ කොරෝනාවට වඩා ‘සමුද්‍රීය අන්ධභාවය’ නමැති රෝගය දරුණු වෙන්නේ කරුණු කීපයක් නිසයි.

 පළවෙනි හේතුව තමයි, මේ රෝගය වැළඳෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි. මුළු මහත් ජාතියකටම.

 දෙවැන්න වෙන්නේ, මේ හේතුවෙන් අපිට මේ වෙනකොටත් සිදුවෙලා තියෙන මුළු පාඩුව ඇමරිකන් ඩොලර් කෝටි ගණනක්.

 බරපතළම කාරණේ වෙන්නේ, මේ රෝගයෙන් පෙළෙන බව අපි ජාතියක් විදිහට තවමත් හඳුනගෙනවත් නොතිබීමයි.

 පොඞ්ඩක් මතක් කරලා බලන්න ”ලංකාව වටේටම මහමුහුද තිබුණත් අපි තවමත් වසරකට හාල්මැස්සන් ටොන් දහස්  ගණනක් ආනයනය කරනවා” වගේ කතා අපි කොච්චර නම් අහල තියෙනවද කියල.

 තත්ත්වය මෙහෙම තිබියදීම, ඊළඟට පොඞ්ඩක් මතක් කරලා බලන්නකෝ තමන්ගේ ගමේ හරි එහෙම නැතිනම් තමන්ගේ නෑදෑ වෙන හිතවතෙකු හරි නැවක වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ ආර්ථික තත්ත්වය ගැන.

 ඒ තියා අපි අතරේ මතයක් ගොඩනැගිලා තියෙනවා නේද වරායේ වැඩ කරන අයට නම් ජයයි කියල පවා. මෙන්න මේ වගේ සංකල්පත් නිකම්ම සමාජ ගතවුණා වෙන්න බැහැනේ.

 ඉතින් මේ ගැන චුට්ටක් හොයල බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා සල්ලි තියෙන්නේ මහමුහුදේ තමයි කියල.

 එහෙමත් නැතිනම් අප වටාම පිහිටලා තියෙන්නේ නිකම්ම නිකං කරදිය වළල්ලක් නොවෙයි, මහා ඩොලර් කන්දක් කියල.

 ඒ කොහොම වුණත් මේ කතා මේ හදිස්සියේ කියන්න පටන්ගන්න ආසන්නතම හේතුව වෙන්නේ, ඇම්.ඇස්.සී.   මැග්නිෆිකා නැවෙන් එහි සූපවේදියකු විදිහට වැඩකරපු අරුණ බණ්ඩාර හේරත් නමැති ශ‍්‍රී ලාංකික සූපවේදියා මීට සති දෙක තුනකට කලින් කොළඹ වරායෙන් ලංකාවට පැමිණීමත් එක්කම මේ රටේ නාවික ක්ෂේත‍්‍රය පිළිබඳව නැව් නැගපු/ නොනැගපු බොහෝ පිරිසක් කතාබහ කරන්න පටන් ගැනීමයි.

එදා බණ්ඩාර මහත්මය නැවෙන් බැහැපු විදිහ හරිද, වැරදිද කියල නෙමෙයි මේ කියන්න යන්නේ.

 මේ සිද්ධියත් එක්කම අපිට විවෘත කරගන්න පුළුවන් මහා ඩොලර් නිධානයක් ගැනයි අද මේ මුල්ම කතාව.

 විපත පවා සැපතට හරවන්න පුළුවන් කියල ස්වයං අභිමානයක් තියෙන ජාතියක් වන අපිට,‘සමුද්‍රීය අන්ධභාවය’ නමැති මේ කාලකන්නි ලෙඬේ නොහැදෙන්න මෙලහකට අපි ලෝකේ ඔය දියුණුයි කියන රටවලට රුපියල්වලින් ණයට දෙන්න පුළුවන් තැනකට එන්න තිබුණා.

 කොහොම වුණත් දැන් ඉතින් මේ ලෙඬේ අපිට හැදිලා ඉවරයිනේ. දැන් ඉතින් කරන්න වෙන්නේ පුළුවන් විදිහට මේ ලෙඩෙන් ගැලවිලා ඩොලර් ටිකක් මේ රටට ගෙන්න ගන්න මාන බලන එක.

 හඳුන්වාදීපු මේ ලෙඬේ - සමුද්‍රීය අන්ධභාවය, එහෙමත් නැත්නම් Sea Blindness කියල කියන්නේ, ජාතියක් විදිහට සත්සමුදුරේ වෙන්නේ මොනවද කියන දේ ගැන හරි හැටි අවබෝධයක් නොතිබීමයි කියල ඉතාම දල වශයෙන් සිතාගත්තට වරදක් නෑ. හැබැයි මේ කිව්වේ බොහොම සරල අදහසක්.

 ඇත්තටම මේක තාමත් හරිම අර්ථ නිරූපනයක් දීල නැති ගැඹුරු වචනයක්.

 සමහර විද්වතුන් කියනව මේක යුදමය කටයුතු සම්බන්ධ නාවික බලය රැකගැනීමේ අරමුණින් ලෝකෙට හඳුන්වා දීපු වචනයක් කියල. ඒ වෙනුවෙන් ඉදිරියෙන්ම කියවෙන්නේ 19 වන සියවසේ වඩාත්ම කියවන්නන් වසඟයට ගත් ලේඛකයා විදිහට සැලකෙන ඇමරිකානු නාවික හමුදා නිලධාරියෙකු වුනු ‘ඇල්ෆ‍්‍රඞ් තයාමහන්’ ගේ නම.

 හැබැයි, තවත් සමහර පර්යේෂකයන් කියන විදිහට මේක ‘සමුද්‍රීය වානිජ්‍යවේදය’ (Maritime Commerce) කියන විෂයානුබද්ධ වචනයක්.

 කොහොම මේ වචනේ ලෝකෙට ජනිත වුණත් දැන් දල අදහසක් ලැබෙන්න ඇතිනේ, මොකක්ද මේ හරුපේ කියල.

 එංගලන්තෙ හිරු නොබසින අධිරාජ්‍ය බවට පත්වීමේ ඉඳල ඇමරිකාව ලෝක පොලිස්කාරය වෙනකම් බලපෑවේ මේ කියන Sea Blindness රෝගයෙන් ඔවුන් නොපෙළීම කියල තමයි බොහෝ විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ.

 ඒ කියන්නේ අපිට අපේ ගොඩබිමෙන් එහා මහමුහුදේ වෙන්නේ මොකද, අපිට මහා මුහුදේ කොච්චර බලයක් තියෙනවද කියන දේ මත ජාතියක් විදිහට අපි ඉන්න තැන තීරණය වෙනවා කියන කාරණාව.

 අනිත් පැත්තෙන් කිව්වොත්, අන්තර්ජාතික වෙළෙඳාම සහ විදේශ විනිමය ඉපයීමට මහමුහුද ගැන අපිට කොපමණ අවබෝධයක් තියෙනවද කියන එක කොච්චර බලපාන සාධකයක්ද කියන එක.

 හරි කොහොම වුණත්, ඔය සුරපුරයක් වගේ දක්වල තියෙන්නේ බණ්ඩාර මහත්මය සේවය කරපු MSC නෞකාව අභ්‍යන්තරයේ ගත්ත සත්‍ය පින්තූර කීපයක්.

 අපිට ජාතියක් විදිහට ඔය කියපු කාලකන්නි ලෙඬේ නොහැදෙන්න, මෙලහකට අපේ නැව් සංස්ථාවට ඔය වගේ නැව් ගණනාවක් අයිති වෙන්න තිබුණ.!!

 හරි, දැන් ආයිත් බණ්ඩාර මහත්මය MSC නෞකාවෙන් බහින ගමන් මේ අරන් ආපු ධන නිධානයේ කතාවට හැරෙමුකෝ.

 අද වෙනකොට කොරෝනාව කොච්චර පැතිරිලා මුළු ලෝකෙම ගිලගෙන තිබුණත්, ගුවන් තොටුපළවල් වහල තිබුණත් මගී නෞකා හැරුණු විට, වරායවල්වලින් සිදුවෙන අනෙකුත් රාජකාරි බොහෝ දුරට එහෙමම සිද්ධ වෙනවා.

 ඉතින් මේ නැව්වල වැඩකරන කාර්යමණ්ඩල සියදහස් ගාණක් මේ වෙද්දීත් ඉන්නවා තමන්ගේ කොන්ත‍්‍රාත්තු කාල සීමාව ඉවර වෙලා ආපහු ගෙවල්වලට යා ගන්න බැරිව.

 හරියටම කියනවා නම්, අපේ අර බණ්ඩාර මහත්මය MSC නැවේ හිටිය වගේ, ගෙදර යන්න බලාගෙන ඒත් යාගන්න විදිහක් නැතිව නැව්වල හිර වෙලා ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා මේ වෙද්දී.

 මොවුන්ගෙන් 99%ක්ම විදේශිකයන්. හැබැයි, අපේ බණ්ඩාර මහත්මය කළා වගේ තමන්ගේ දුක කියල වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කළ පමණින් ඒ ඒ රටවලට හැකියාවක් නෑ ඒ කාර්යමණ්ඩල සාමාජිකයන්ව තමන්ගේ රටට ගෙන්න ගන්න.

 ඒ වගේම බණ්ඩාරාලගේ නැව වගේම දෛනිකව නැව් සිය ගාණක් දෙවුන්දර තුඩුව පහු කරමින්, ගාලූ වරාය, හම්බන්තොට වරාය පහු කරමින් ගමන් කරනවා කියන එක නොරහසක්නේ.

 මෙහි අවසාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ මේ කතාව ලියන මොහොතේ, දකුණු ලක පහු කරගෙන යන වෙළෙඳ නැව් සජීවීව දක්වන Marine Traffic වෙබ් අඩවියෙන් ගත්ත සජීවී ඡායාරූපයක් (live screen shot) එකක්. ඉතින් ආපහු ඔප්පු කරන්න දෙයක් නැනේ, ලංකාවට දකුණු දෙසින් දවසකට කොච්චර නැව් එහෙට මෙහෙට යනවද කියල. ඔය හැම ත‍්‍රිකෝණාකාර හැඩයකින්ම දැක්වෙන්නේ ඒ මොහොතේ සජීවීව දෙපසට ගමන් කරන නෞකා.

 ඇත්තටම මේ සම්බන්ධ අතීත සිද්ධියකුත් තියෙනවා ලියල තියන්න වටින. ඒ කතාව මෙහෙමයි, අපි මොරටුව විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගන්න කාලේ ‘කැප්ටන් දිසානායක’ නමැති දේශකතුමා අපිට දවසක් කිව්වා, ”පොඞ්ඩක් ගිහින් දෙවුන්දර තුඩුව ගාවින් වැල්ලේ වාඩිවෙලා බලන් ඉන්නවා පැයකට නැව් කීයක් එහෙට - මෙහෙට දෙපැත්තට ඔතනින් යනවද කියල ගණන් කරගන්න. හරියට නිකම් ගාලූ පාරේ කටුබැද්ද හන්දියෙන් බස් යන ගාණට ඔතනින් නැව් යනවා කියලා.”

 ඒ වෙද්දී නැවක පින්තූර විතරක් දැකල තිබ්බ අපි කළේ සර් විහිළුවක් කළා තමයි කියල හිතල ඔක්කොමල එකතුවෙලා මහා සද්දෙන් හිනාවුණු එක.

 කොහොම වුණත් අධ්‍යයන කටයුතු නිමාකරලා ඔෆිසර් කෙනෙක් වෙලා, පස්සේ කාලෙක නැව් පදවාගෙන දෙවුන්දර තුඩුව පහුකරගෙන යනකොට තමයි හරියටම තේරුණේ සර් එදා කියපු ඒ කතාව කොච්චර හරිද කියල.

 ඒ වගේම එදා සර්ට තමන් කියපු ඒ කතාව ක්ෂණිකව ඔප්පු කරගන්න Marine Traffic වෙබ් අඩවියට පිවිසෙන්න අද වගේ ස්මාර්ට් ෆෝන්වත්, අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයන්වත් තිබුණේ නෑ ඒ කාලේ.

 අනික් අතට, ඒ වගේම මෙච්චර මෙහෙම නැව් මෙතනින් යනවා නම්, මේ දුවන එක නැවකින් ඩොලර් කීපය ගාණේ හරි ගන්න ක‍්‍රමයක් අපි හැදුව නම්, මාස කීපයක් ඇතුළත ඔය කියන විදෙස් ණය කන්ද ගෙවාගන්න අමාරු වෙයිද අපට?

 හරි දැන්නම් බණ්ඩාර මහත්මය ගෙනාපු නිධානෙ සම්බන්ධව කියාගෙන ආපු කතාවෙනුත් පොඞ්ඩක් අපගමනය වුණත් වගෙයි! කමක් නෑ, කොහොම වුණත් මෙහෙම නැව්වල හිරවෙලා ඉන්න කාර්යමණ්ඩල සාමාජිකයන් මාරු කරන්න (Crew Changing) අපිට ඉතාම හොඳ අවස්ථාවක් ලැබිල තියෙන්නේ.

 අපේ රටේ පිහිටීමේ වැදගත්කම හොඳටම යොදාගෙන පොඩියට හරි පටන් ගන්න පුළුවන්, නමුත් ලොකු ව්‍යාපාරික අවස්ථාවක් මේක.

 පුළුවන් තරමට අපේ ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් ලෝකේ පුරා දුවන නැව් ටික පුරවන්න හොඳම අවස්ථාව කිව්වොත් වඩාත්ම නිවැරදි ඇත්තටම!

 මේ තියෙන ඉල්ලූමට අහලකින්වත් යන්න අපේ තියෙන පුහුණු ශ‍්‍රමය ප‍්‍රමාණාත්මකව ඇති වෙන්නේ නෑ. නමුත් ටිකෙන් ටික පොඩියට වැඬේ පටන් ගන්න පුළුවන්.

 ඒ වගේම මතක තියා ගන්න ඕනේ, අවදානමක් නැති ව්‍යාපාරයක් ලෝකේ කොහෙවත් නැති බව. අවදානමට මුහුණ දෙන්න බය වුණු මිනිස්සු එකම තැන පල්වුණා මිසක, කිසිම දාක දියුණුවක් නොලබපු බව!

 කොරෝනාවෙන් පස්සේ ඔලූව ටිකෙන් ටික උස්සන්න හදන අපිට ආපු කදිම අවස්ථාවක් මේක. විපත පවා සැපතට හරවා ගන්නවා නම්, මෙන්න ප‍්‍රායෝගිකව එක සිදු කරන්න පටන් ගන්න පුළුවන් කදිම තැන.

 හරි අපේ දැන් මේ වැඬේ කොහොම හරි කරන්න පටන් ගත්ත කියල හිතමුකෝ.

දැන් ඊළඟට බණ්ඩාර වගේ නැවෙන් බැහැල ගෙවල්වලට යන්න බලන් දෙවුන්දර පැත්තෙන් ගොඩබහින විදෙස් නැව්වල කාර්යමණ්ඩල සාමාජිකයන්ට මොකද කරන්නේ?

 එහෙම බැහැල එන කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරය විදේශිකයන් නම්, කොහොමද අපි මේක කරන්නේ?

 එහෙන් ගුවන්තොටුපළ වහලා.

 කොහොමද අපි මේක කරන්නේ?

 ඩොලර් හොයන්න ගිහින් කොරෝනාව රට තුළට ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙලා ඊට වඩා මහා විනාසයක් සිදු වෙයිද?

 මෙතැනදී තමයි අපි ඉතාම උපායශීලි වෙන්න ඕනේ. අපිට භාවිතා කරන්න පුළුවන් උපක‍්‍රමයක් ඉතාම සැකෙවින් කියලම ඉන්නම් මෙතැනදී.

මෙච්චර හොඳට අපි රටක් විදිහට කොරෝනවට මුහුණ දුන්නා නම්, මෙහෙම රටට ඇතුල් කරගන්න විදේශිකයන් ඉතාම ආරක්ෂිතව ඉතා ඉහළ මිල ගණන් යටතේ නිරෝධායනය කරන්න පුළුවන්කම පවතිනවා නේද? (මන්ද මෙසේ අප අය කරන මිල ගණන් අපට මිල අධික ලෙස දැනුනාට බොහෝවිට නැව් සමාගම්වලට දැනෙන තරමේ ඉලක්කම් නොවීමට බොහෝ ඉඩකඩ පවතිනවා.)

 රට තුළට ඔවුන්ගේ පැමිණීමට ඉඩ දීම වෛද්‍ය අංශ ප‍්‍රතික්ෂේප කරනවා නම් ඒ වෙනුවෙන්ම භාවිතා කරන්න ගොඩබිමට ගොඩක් දුරින් ඈත දියඹේ නැංගුරම් ලූ නැවක්ම භාවිතා කරන්න පුළුවන්.

 ප‍්‍රායෝගිකව බලන කල මේ දිනවල මගී නැව් සඳහා පවතින අවම ඉල්ලූම නිසා, මෙවැනි කටයුත්තකට ඉතා පහසුවෙන් ලාභදායීව නැවක් සොයාගන්නටත් ඉතා ඉහළ හැකියාවක් පවතිනවා.

 ඊට පසුව ගුවන් ගමන් සාමාන්‍ය වූ පසුව ඔවුන්ව තම තමන්ගේ රටවලට ගුවන් මගින් ඇරලවන්න ක‍්‍රමවේදයක් හදන්න පුළුවන්.

 නාවික, ගුවන්, හෝටල් සහ වෛද්‍ය වැනි දේශීය ක්‍ෂේත‍්‍ර කීපයක්ම එක වර සම්බන්ධ කරගන්න පුළුවන් අන්දම පැහැදිලි නේද?

 මේක මේ රුපියල්වලින් වෙන ගනුදෙනුවක් නෙමෙයි. මේ ගෙන්න ගන්න හදන්නේ අපට හිඟවෙලා තියෙන ඩොලර් කියන එකත් අමතක කරන්න එපා! ඒ කියන්නේ රට ඇතුළට ගලා එන්න හදන මහා ඩොලර් ගංගාවක් ...

 හරියටම පිඹුරුපත් සකසලා, ක‍්‍රමානුකුලව වැඬේ කළොත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් නෙමෙයි කීපදෙනෙක්ම දඩයම් කරගන්න අවස්ථාවක් මේක.

 ඊළඟට ඉතින්, නැව් එන්නේ නෑ කිය කියා ඉන්න හම්බන්තොට වාරයේත් ඉඩ මදිවේවි එන නැව් නවත්තගන්න!

 අනිත් පැත්තෙන් කල දුටු කල වළ ඉහ ගන්න ඕනේ කියන කතාව වගේම අපායට යතත් කලින් යන්න කියන කතාවත් 100%කම හරියන තැනක් තමයි මේක.

 මොකද ඉන්දියාව හරි චීනය හරි මේ වැඬේට අතගහපු ගමන් අපිට කියන්න වෙන්නේ ‘අපරාදේ’ කියල තමයි!

 ඉතින් මේ කොරෝනාව වෙස් වලාගෙන ආපු ආශිර්වාදයක් කරගෙන මේ ඩොලර් අපි ලංකාවට ගෙන්වා ගන්න ක‍්‍රමයක් හොයන අතරේම, අර මුලින් කියපු සමුද්‍රීය අන්ධභාවයෙන් මිදෙන්නත් අපිට ජාතික වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ බව අවිවාදාත්මකයි නේද?

 ඒ වගේම Sea Blindness රෝගයෙන් අපි ජාතියක් විදිහට මිදෙන්න නම්, අපිට ඒ වෙනුවෙන් දිගු කාලින වැඩපිළිවෙළක් තියෙන්නම ඕනේ.

 ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි, අපි ඉස්කෝලේ 6 වසරේ ඉඳන් සමාජ අධ්‍යනය උගන්නනවා වගේ ‘මූලික නාවික දැනුම’ (Maritime Fundamentals) වගේ විෂයක් යොදල අපේ ඊළඟ පරම්පරාවට මහමුහුදේ වෙන දේවල් උගන්නන්න පටන් ගන්න එක.

 කොටින්ම කියනවා නම්, සමුද්‍රීය දැනුම සාමාන්‍යකරණය කරන එක. මොකද පුංචි තල්ලූ කිරීමකින් අපේ ඊළඟ පරම්පරාවට යන්න පුළුවන් දුර ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ.

 එහෙම වුණොත් මුහුදෙන් විදේශීය නැව් කන්න ගෙනත් ගොඩබානකම් බලන් ඉන්න තරුණ පරපුරක් වෙනුවට, නැවක් හදාගෙන සමුදුර තරණය කරන්න යන තරුණ පරපුරක් බිහිවෙන එක නම් වළක්වන්න බැරි වෙයි කාටවත්ම!!

Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.