May
31
ආරුමුගම් තොණ්ඩමන් මහතා දැයෙන් සමුගනී !
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පස්වරුවේ සිදුකෙරුණි.
හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී අවසන් කටයුතු සිදුකෙරුණු අතර එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කර තිබු තොන්ඩමන් මහතාගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා රිය පෙරහැරකින් නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත රැගෙන ආ අතර වතු කම්කරු ජනතාව මග දෙපස රැස්වෙමින් දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවේය.
ජනතාව හැසිරවීමේ කටයුතු සඳහා පොලීසිය යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අනුයුක්ත කර තිබු බව සඳහන්.
අවසන් කටයුතු සිදුකෙරුණු නෝර්වුඩ් ක්‍රීඩාංගණය පවුලේ ඥාතීන් හා සමීපතමයින්, කම්කරු පක්ෂ නියෝජිතයින් හා දේශපාලනඥයින් ඇතුළු 200ක පමණ පිරිසකට සීමා කර තිබුණි.
- අද දෙරණ