Apr
29
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂයේ නිර්මාතෘ තන්දෙයි සෙල්වා මහතාගේ 43 වන ගුණසැමරුම 28 යාපනයේදී එම පක්ෂයේ වත්මන් නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් අධීක්ෂණය හමුවේ ඉතා චාම්ව පැවත්වුණි.
මාර්තු 26 වනදාට තන්දෙයි සෙල්වා මහතාගේ 43 වන ගුණ සැමරුම යෙදී තිබුනද එදින ඇඳරිනීතිය පැවතීම හේතුවෙන ගුණ සැමරුම 28 දිනට යොදා ගත්තද එය උත්සවාකාරයෙන් පැවත්වීමට යාපනය පොලීසිය අවසර ලබා නොදුන් අතර පුද්ගලයින් කිහිප දෙනෙකු පමණක් යොදාගෙන ඉතා චාම්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ගුණ සැමරුම සිදු කරන ලෙසට පොලීසිය විසින් අවසරය දී තිබුණි.
ඒ අනුව ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂියේ වත්මන් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂියේ සාමාජිකයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් යාපනයේ තන්දෙයි සෙල්වා ස්මාර්කය ඉදිරිපිටදී මල් පහන් දල්වා ගුණ සැමරුම සිදු කර අතර එම ගුණ සැමරුම අධීක්ෂණය කිරීමට හා සෞඛ්‍ය පියවර අනුගමනය කල යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට යාපනය පොලිස් නිලධාරීන්ද කඳවා තිබුණි.
මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්දානයේ සාමාජිකයින් වූ උතුරු පලාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.සිවඥානම්, යාපනය මහනගරාධිපති ඊ. ආර්නෝල්ඩ්, එම්.කේ. සිවාජිලිංගම්, ඇතුලු පිරිසක් සහභාගී වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ