Apr 29

ඊයේ රෝගීන් සියල්ල හමුදා සාමාජිකයන්. නාවුක පොකුර අවසන් අදියරේ.


ඊයේ දිනයේ හමුවූ සියලු ආශ්‍රිත සියලුම කොරෝනා රෝගීන් ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එම රෝගීන් 31 දෙනාගෙන් නාවික හමුදාවේ 21ක්, විය යුද හමුදාවේ 04 දෙනෙක් සහ සෙසු 06 දෙනා නාවික හමුදා භටයන්ගේ ස්පර්ශකයක් වශයෙන් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

නාවුක හමුදා කදවුරේද ආසාදිතයන් සොයා ගැනීම අවසන් භාගයට පැමිණ ඇති බවත් ඔවුන් විනයවත් හා සංවිධානගත කණ්ඩායමක් නිසා මෙම කටයුතු පහසු වී ඇති බවත් ඔහු පැවසීය.

ඒ අනුව මේ වන විට නාවික හමුදාවෙන් ආසාධිතයන් අවම වී ගෙන යන බවද පැවසූ ඔහු දැන් ගැටලුව වී ඇත්තේ ඔවුන්ගේ ස්පර්ශක සංඛ්‍යාව වැඩි වේවිද යන්න බවයි.

නමුත් ඒ සම්බන්ධ සියළු අංශ දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

මේ වන රට තුල පැවති අනෙක් සියළු කොරෝනා පොකුරු අවමව ගොස් ඇති බවට විශ්වාස කල හැකි බවද ඔහු තව දුරටත් පැවසීය.

කෙසේ නමුත් කොරෝනා වාර්තාවීම බින්දුව වීමක් ගැන දැන්ම ප‍්‍රකාශ කල නොහැකි නමුත් පාලනය කල හැකි තත්වයක සිටින බවද ඔහු තව දුරටත් සදහන් කලේය.

ඒ අනුව සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද දැඩිව අනුගමනය කරමින් සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාහැකි මට්ටමට පැමිණිය යුතුව ඇති බවද ඔහු පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.