Apr
11
පවතින තත්වය යටතේ ඉදිරි සතිය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉතාමත් අවම තත්ත්වයකට වැටෙනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
දැනට අභියෝගය වී ඇත්තේ රෝගී ලක්ෂණ නොමැති රෝගීන් සිටින්නේ නම් ඔවුන් හඳුනාගැනීම යැයිද ඔහු සඳහන් කළේය.
ඔවුන් හඳුනා ගැනීම සඳහා ද මේ වනවිට වැඩපිළිවෙළක් දියත් කර ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව රෝගය පැතීරීමේ තත්ත්වය අවම වුවහොත් නැවතත් පුරුදු ක්‍රියාකාරකම්වලට ක‍්‍රම ක‍්‍රමයෙන් යොමු විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
එසේ වුවද තවත් සැළකියුතු කාලයක් යන තුරු ලෝකෙන්ම වසංගතය පාලනය කරන තුරු හෝ ඊට එන්නතක් සොයා ගන්නා තුරු යහපත් පුරුදු පවත්වා ගත යුතුව ඇතැයි ද ඔහු පැවසුවේය.
සුදත් සමරවීර මහතා මෙරට වසංගත රෝගය විද්‍යාව සම්බන්ධයෙන් දැනට සිටින ඉහළම විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම විද්‍යාඥයාද වෙයි.