Apr 05

කොරෝනා අවදානම නැති ප‍්‍රදේශවල සීමා ඉවතට..?



කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමකින් තොර දිස්ත්‍රික්ක සඳහා දැනට පනවා ඇති  සීමාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම අලුත් අවුරුදු සමය අවසන් වීමමෙන් පසු හැකියාව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එනිසා දැනට සිදුකරන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අලුත් අවුරුදු අවසානය තෙක් පවත්වාගෙන ගොස් එහිදී තත්වය සලකා බවත් බලා අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවද සදහන්ය.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩ සටහනේ ප්‍රගති සමාලෝචන පිළිබඳ රැස්වීමක් ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම සාකච්ඡාව සඳහා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සීඩී වික්‍රමරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දැනට වෛරස මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටත් පවත්වාගෙන යාමටත් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක, නීති යන ක්ෂේත්‍ර වල උපදෙස් සහ නිර්දේශ මත පදනම් ව බවටද එහිදී තීරණය කර ඇත.

කොරෝනා වෛරස ගැන ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකරන නිර්දේශය අධ්‍යනය කිරීම හා සුදුසු පරිදි පිළිපැදීමට ද මෙහිදී තීරණය කර ඇත.

දැනට මෙරට ක්‍රියාත්මක මර්දන වැඩසටහන විධිමත්ව තත්ත්වය යහපත් වනතෙක් ඉදිරියට ගෙන යාමට ද එකඟතාවයකට පැමිණ තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.