Apr
05
කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇත.
අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා ඊයේ (04)දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල ලැබීම රෝහලටද අනෙක් පස් දෙනා කාරපිටිය රෝහලටද ඇතුලත් කර ඇත.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරිමට මෙසේ රෝහල් ගත කල බවය.
Source - ලංකාදීප