Apr 29

බෝම්බයෙන් දෙපා අහිමි වූ මිතුරියන් දෙදෙනා සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත්


2009 වසරේ පැවති අවසන් යුද්දය හේතුවෙන් බෝම්බ ප්‍රහාරයන්ට හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිරුරේ කොඳුඇට වලට සිදුවූ දරුණු හානි හේතුවෙන් පාදයන් අප්‍රාණකව සිට  සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මුලතිව්හි සිසුවියන් දෙදෙනෙකු ඉහලම සාමාර්ථ ලබා සමත්වී ඇත.

මුලතිව්හි ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි මුල්ලියාවලෙයි කලෙයිමගල් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ආබාධිත මිතුරියන් දෙදෙනෙකු වූ ගංගාධරන් බවධරණී සහ මදියලගන් විදුර්ෂිකා යන සිසුවියන් මෙසේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මුලතිව් දිස්ත්‍රීක්කය වෙනුවෙන් ඉහලම සාමාර්ත ලබා ගත් සිසුවියන් දෙදෙනා වී සිටිති.

ගංගාධරන් බවධරණි සිසුවිය මුලතිව් මුල්ලියාවලෙයි බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටින අර 2009 වසරේ අවසන් යුද්දධයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඇගේ සිරුරට දැඩි තුවාල සිදු වී කොඳුඇට පේලියටද හානි සිදුවීම හේතුවෙන් පාදයන් දෙකම අප්‍රාණික වී රෝද පුටුවෙන් ගමන් කිරීමට සිදුව ඇත.

එමෙන්ම ඇයගේ පියාද එම බෝම්බ හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මිය යාම හේතුවෙන් මව සමග නැවත පදිංචිවී ජීවිකාව ඇරඹූ ගංගාධරන් භවධරණී සිසුවිය කෙසේ හෝ අර්ථික දුෂ්කරතා මැද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටමින් ඒ සාමාර්ථ 08 ක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් ප්‍රදේශයටම ආදර්ශයක් වී ඇත.

එලෙසින්ම ඇගේ හොඳම මිතුරිය වූ මුල්ලියාවලෙයි නාවලර් වීදියේ පදිංචි මදියලගන් විදුර්ෂිකාද 2009 වසරේ පැවති යුද්දයට මැදි වී කොඳුඇටවලට හානි සිදුවීමෙන් රෝද පුටුවට සීමා වීමෙන් පසුව  මව හා පියා සමග නැවත පදිංචි වී දුෂ්කර ජීවිතයක් ගෙවමින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 6 , බී සාමාර්ථයක් හා සී.සාමාර්ථ 02 ක් ලබා සමත් වූවාය.

ප්‍රදේශයටම ආදර්ශයක් වූ මෙම සිසුවියන් දෙදෙනාගේ අනාගත අධ්‍යපනයද හැකි අයුරින් සිදු කිරීමට ඔවුන්ගේ දෙමාපියන්ගේද එකම අරමුණ වී ඇති අතර සිසුවියන් දෙදෙනාද කෙසේ හෝ ඉදිරි අධ්‍යාපනයද සාර්ථක කර ගැනීමේ දැඩි අධිෂ්ධානයක සිටති.

- වන්නි රොමේෂ් මධුෂංඛ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.