Apr
24
පැවති පැවති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට තමන් ඇතුළු පිරිසක් පැමිණිලි කරන බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
ජූනි මස 20 වෙනි දා මහමැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කිරීමත් සමඟ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් ඇති වී තිබෙන නිසා එය විසඳා ගැනීමට මෙම පියවර ගන්නා බවද ඔහු පැවසීය.
පැවති පාර්ලිමේන්තුව කිසිසේත්ම නැවත කැඳවන්නේ නැති බව ජනාධිපතිවරයා පවසන බවත්, අධිකරණ නියෝගයකින් පිට ඒකපාර්ශ්වීය තමන් පාර්ලිමේන්තුව රැස් නොකරන බව හිටපු කතානායක වරයාද පවසන නිසා එවන් පසුබිමකදී හැකි එකම ක්‍රියාමාර්ගය අධිකරණය වෙත යාම පමණක් බව ඔහු සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නැති බවත් එනිසා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවත් සමගි ජනබලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඔහුගේ ඒකාධිපති බලය පාවිච්චි කරමින් ඇයිද මද්දුම බණ්ඩාර මහතා චෝදනා කරයි.